අම්බලමේ පිනා පිනා
වළං කදක් ගෙනා ගෙනා
ඒක බිදපි ගොනා ගොනා
ඒකට මට හිනා හිනා
අම්බලම යනු සසරයි. පිනා සත්වයා හා භව ආසාව යන අර්ථ පදයි. වළං කද යනු පංච ස්කන්ධයයි. ඒ අනුව මෙහි අරැත වන්නේ භවයේ ඉපදීමට ආසා ඇති සත්වයා වළං කදක් වැනි ශරීරය ඇතිව උපදින බවය. එනම් බුදුන් වහන්සේ සත්වයා සසර සරසැරීමෙන් මුදමින් ඒ චක්‍රය නැවතූ බවයි. එකට මට හිනා හිනා යනු මේ ගැන සියලු සත්වයන් සතුටු වන බවයි. මේ කවියේ අප දන්නා සුපුරැදු සරල අර්ථයට වඩා සංකේත අර්ථය ගැඹුරැය.
Subscribe to:
Post Comments (Atom)
4 comments:
ඕව්, මමත් ඔවැනි කවි කිහිපයක් අහල තියෙනවා
අපි අතරින් වෙන් වෙලා යන්න හදන දේවල් නැවත අපිට මතක් කර දීම මෙන්න මේවා ආරක්ෂා කරගැනීමද ලොකු පිනක්.
මේ කවියට මෙ වැනි අදහසක් තිබෙන බැව් දැන ගැන්මෙන් පුදුමයට පත් වූයෙමි. කෙ දින වත් අසා නො තිබුනි. මෙ වැනි දේ ඇත්නම් තවත් ලියන්න.
ඇත්තෙන්ම මේ කවියට මෙහෙම අරුථක් දෙන්න ප්‍රළුවං බව දැන ගත්තේ අද. එවැනි දේ දැනුවත් කල ඔබට පිං.
Post a Comment