හිමිදිරියෙම මාගේ දෑගිලි වල දැවටී ගුරැපාර දිගේ පුංචි දෙපා තබමින් පියවර මැන්‍ේ...
ළදරැ පාසැලට යන්න. අතරමගදී ඇගේ මුවින් පිටවු දහසකුත් එකක් ප්‍රශ්න වලට උත්තර දෙමින්
නොදැනීම ඇගේ සුන්දර ලෝකයට ඇතුඵ වුවා.
මාගේ දෑගිලි වලින් මිදුනු ඇය දුවගෙන ගියේ එතරම්ම තවත් යහඵවෙක් වෙත . ඇය මාගේ දියණිය
ගේ සුරත ගෙන ගලක් මත වාඩිවී ඇයගේ උකුලේ මාගේ දියණිය වාඩි කර ගත්තාය. එම් හැගීම්බර
දසුන දුටු මාගේ නෙත් වලට කදුඵ ඉනුවේ නිමේෂයකිනි.
දයාබර ..... දියණිය ඔබේ ලෝකය කොතරම් සුන්දරදැයි එවිට මට සිතුණි. වැඩිහියටියන් වන අපේ සිත්වල
පවතින කුරිරැකම්, ඊර්ෂ්‍යාව, තරහව ඔබේ එය අහිංසක සිත්වල නැත. ඔවුන්ගේ සිත් අහිංසකය. නිර්මලය.
මටත් එවැනි ලෝකයකට යන්නට ඇත්නම් සිතමින් ..... මම එතැනින් ඉවත්වුයේ නෑවිත් බැරිකමටය.
Subscribe to:
Post Comments (Atom)
1 comment:
ඔබට බොහොම තුති මේ පද පෙලට..!
දහසක් රාජකාරි අතර අතරමන්ව සිටියදි..මෙය දැක මට මගේ සිගිති පුතු සිහිවුනා...
Post a Comment