Tuesday, 22 July 2008

මං මුලා නොවනු මැන ......................

ගියෙමි මග තනිව මා හදිසි වුවමනාවට
දුටිමි දසුනක් තැති ගැනිනි එසැනින් ම සිත
නොයනු මග තනිව රැවැති නැගණිය කි ඔබ
සලෙලුන්ගෙ ගොදුරකට හසුවේද නොදනිම්ද.......

පසුපසින් හඹා ත්‍රීරෝද රථයෙ හිටි
මිතුරන්ව මෙන් පෙනුනෙ රකුසන්ය නැගණියේ...
දුරකථනයෙන් මිතුරැ දම් පෑව මුත් අනේ
මංමුලා නොවනු මැන නොහදුනන නැගණියේ..........

3 comments:

සු said...

පෙම් දුක් ගීවලට වඩා සමාජ කාරණා ගැන සංවේදී වෙනවා දකින්න ලැබීමත් සතුටක්. අපේ අතින් වුණත් ඉඳහිට ලියද්දී ලියවෙන්නේ දුක් ගැනවිලි නම් තමා : ) මොනව කරන්නද ? ඒත් අනිත් අය මේ වගේ කාරණා කතා කරනවා දකින්න ලැබීමම ලොකු සතුටක් ඇති කරනවා. දිගටම ලියන්න !

fossurgeon said...

තුති ඔබට, මෙවැන්නක් ගැන, ලියැව්වට.

Kasun said...

සමාජයක පවත්නා දුර්වලකම් ඉවත්කිරීමටපෙදනම දැමිය හැක්කේ ඒවා කෙරෙහි වු විවේචනයන්. කවියෙන් හෝ වචනයෙන් හෝ වේවා, මෙවන් සමාජ කාරණා ගැන සංවේදී ලියැවීම් වැදගත්. ඒ තුල යම් තරමකට හෝ මිනිසුන් සිතන්නට හුරු වේවි.