Friday, 25 July 2008

සිතනු මැන මේ ගැනත්...............

මව්පිය උණුසුම අතරින් - වෙන්ව ගොසින් විදුපියසට
හදාරන්න ශිල්ප සතර - උගතකු වන්නට මතුවට

දින සති අවුරැදු ගතවී - අටවෙනි වසරට ආවා..
ලස්සන රෑමත් දියණිය - දස්කම් විස්කම් පෑවා

දෙමාපියන් වැඩියහපත - උදෙසා තවතව දුරටත්
විදුපියසේ මදි හරියට - යැවුවා දියණිය ටියුෂං

ටික දවසක් ගතවන විට - දියණිය වෙනසක් වුවා
දවසින් දවසම ඇයගේ - නොයෙකුත් ලෙඩ පෙන්වුවා

බැරිම තැනම දෙමාපියන් - වෛද්‍ය උපදෙස් පැතුවා
වෛද්‍ය උපදෙස් අහලා - මවට කලන්තය හැදුනා

අ‍හෝ කේදයක්ම උනේ - දරැගැබ සයමසක් උනේ
කලේ වරද කව්ද අනේ - විදුහලෙ ගුරැතුමෙකිලුනේ

මේ වැනි අපරාධ වලට - ඉඩ නොදෙමින් ඔබත් මමත්
තෙලිතුඩකින් සටන් වදිමු - අනාගතය ගැන සිතමින්....

1 comment:

Kasun said...

ෙම් සමාජය තුල තවදුරටත් පරමාදර්ශයන් ඉතුරුව නැත. සියල්ල අාත්මාර්ථය තුල තීරණය ෙකෙරයි. දැන් දුයිෙෂන් ලා ජීවත් ෙනාෙවයි. ෙම් මහෙපාළව මත ඔවුන් වළදා ෙබාෙහා් කල්ය.