Tuesday, 29 July 2008

ගැලපීම හා නොගැලපීම......


දුටුවෙමි ඔබේ රැව.... අතීතයෙ එක් දිනක
සිතූයෙමි ගැලපෙතැයි ඔබ ... හා මගේ සිත
දෙපි‍රිසෙත් අසිරි මැද ... එක්වුනෙමි අපි දෙහද
ගැලපෙතැයි ..සියඵ දෙන කියුවේය අපි දෙදෙන
පොරොන්දම් ගැලපුනත් එකට එක කදිමයට
අපේ සිත් දෙපලකය ... දැනුනි එක් දිනක මට
කරන්නට , කියන්නට කිසි දෙයක් නොමැති සද
ගතින් පමණක්ම මිස සිතින් එක් නොවුනි අප
නොගැලපෙන තැන් බලා ගලපගෙන ජීවිතය
ජයගන්න පොරබදිමි .... ඔබ සමග මගේ සිත
නොපරදිමි නොහඩවමී ....පැරදුනත් මෙමා අද
වෛරයක් නොමැත අද අසරණයි මගේ සිත.......

No comments: