Thursday, 31 July 2008

රැවන් වැකි.....

දුෂ්කරයි

තමාට අ
හිතකර වු වැරදි දේ පහසුවෙන් කළහැකිවේ.
එහෙත් තමාට හිතකරවු නිවැරදි යහපත් දේ සිදුකිරිම
ඉතා දුෂ්කරය.

තෘප්තිය

මිනිසාට කහවුණු වැස්සක් වැස්සත් වස්තුව පිළිබද
තෘප්තිය නැත.

නීරෝගී බව

සියලු ලාභයන්ට වඩා නීරෝගීකම උතුම් වු ලාභයකි

සතුටු වීම

සියලු ධනයන්ට වඩා ලද පමණින් සතුටුවීම උතුම්
ධනයකි.



Wednesday, 30 July 2008

සුන්දරයි ඔබේ ලොව...............

හිමිදිරියෙම මාගේ දෑගිලි වල දැවටී ගුරැපාර දිගේ පුංචි දෙපා තබමින් පියවර මැන්‍ේ...
ළදරැ පාසැලට යන්න. අතරමගදී ඇගේ මුවින් පිටවු දහසකුත් එකක් ප්‍රශ්න වලට උත්තර දෙමින්
නොදැනීම ඇගේ සුන්දර ලෝකයට ඇතුඵ වුවා.

මාගේ දෑගිලි වලින් මිදුනු ඇය දුවගෙන ගියේ එතරම්ම තවත් යහඵවෙක් වෙත . ඇය මාගේ දියණිය
ගේ සුරත ගෙන ගලක් මත වාඩිවී ඇය‍ගේ උකුලේ මාගේ දියණිය වාඩි කර ගත්තාය. එම් හැගීම්බර
දසුන දුටු මාගේ නෙත් වලට කදුඵ ඉනුවේ නිමේෂයකිනි.

දයාබර ..... දියණිය ඔබේ ලෝකය කොතරම් සුන්දරදැයි එවිට මට සිතුණි. වැඩිහියටියන් වන අපේ සිත්වල
පවතින කුරිරැකම්, ඊර්ෂ්‍යාව, තරහව ඔබේ එය අහිංසක සිත්වල නැත. ඔවුන්ගේ සිත් අහිංසකය. නිර්මලය.
මටත් එවැනි ලෝකයකට යන්නට ඇත්නම් සිතමින් ..... මම එතැනින් ඉවත්වුයේ නෑවිත් බැරිකමටය.

Tuesday, 29 July 2008

ගැලපීම හා නොගැලපීම......


දුටුවෙමි ඔබේ රැව.... අතීතයෙ එක් දිනක
සිතූයෙමි ගැලපෙතැයි ඔබ ... හා මගේ සිත
දෙපි‍රිසෙත් අසිරි මැද ... එක්වුනෙමි අපි දෙහද
ගැලපෙතැයි ..සියඵ දෙන කියුවේය අපි දෙදෙන
පොරොන්දම් ගැලපුනත් එකට එක කදිමයට
අපේ සිත් දෙපලකය ... දැනුනි එක් දිනක මට
කරන්නට , කියන්නට කිසි දෙයක් නොමැති සද
ගතින් පමණක්ම මිස සිතින් එක් නොවුනි අප
නොගැලපෙන තැන් බලා ගලපගෙන ජීවිතය
ජයගන්න පොරබදිමි .... ඔබ සමග මගේ සිත
නොපරදිමි නොහඩවමී ....පැරදුනත් මෙමා අද
වෛරයක් නොමැත අද අසරණයි මගේ සිත.......

සදාතන බුදුදහම
අමා සිසිලකි නිතින
පැන නැගුන විට සිතක
ගැටඵවක් යම් දිනක
විසදුමක් ලබාෙදයි
නිවාසිත සිසිලකින්..........

Monday, 28 July 2008

දයාබරයි ... මම ඔබට හැමදාම........

දයාබර බ්ලොග් අඩවිය.........

සිටියෙමි හුදකලා වී .... ටික දිනක්
ගොඩනැගුණි දයාබර මිතුදමක් ඒසමග
සෙවුයෙමි දයාබර මිතුරැදම්
කිමිදෙමින් ....... සමාජය තුල
ඒ අතර සිටියා ඔබ සෙනෙහසින්
දයාබර ලෙස .......
බ්ලොග් අඩවියේ සියඵ
මිතුරණි, මිතුරියනි
ඔබ සැම..............
දයාබරව පුදමි ඔබට
එම සෙ‍නෙහස
බ්ලොග් අඩවියේ සියඵ
මිතුරැ මිතුරියන් වෙත.....

Sunday, 27 July 2008

රැවන් වැකි

පිහිට

තමාට පිහිට තමාමය. වෙනත් කවරකුගේ පිහිට නොපතන්න.
තමා විසින් දමනය වී යහපත් සිතුවිලි පිහිට ලබාගත හැකිය.

ඉවසීම

මේ ලෝකයේ බොහා් දෙනා නරකය. ඔවුන් තමාගේ කටට
ආ පමණින්ඇනුම් බැනුම් කරති. ඒ නිසා යුධබිමේදි දුන්නෙන් බිදුන
ඊතලයක් වැදුන ඇතෙකු ඉවසන මෙන් තමාද ඉවසිය යුතුය.


නින්දා කිරීම

අනුන්ට නින්දා කිරීම සදහා ඒ අය කී නොකල දෙය කී බවට
බොරැ දොස් පවරන්නා අපායගාමි ‍වෙයි.

Friday, 25 July 2008

සිතනු මැන මේ ගැනත්...............

මව්පිය උණුසුම අතරින් - වෙන්ව ගොසින් විදුපියසට
හදාරන්න ශිල්ප සතර - උගතකු වන්නට මතුවට

දින සති අවුරැදු ගතවී - අටවෙනි වසරට ආවා..
ලස්සන රෑමත් දියණිය - දස්කම් විස්කම් පෑවා

දෙමාපියන් වැඩියහපත - උදෙසා තවතව දුරටත්
විදුපියසේ මදි හරියට - යැවුවා දියණිය ටියුෂං

ටික දවසක් ගතවන විට - දියණිය වෙනසක් වුවා
දවසින් දවසම ඇයගේ - නොයෙකුත් ලෙඩ පෙන්වුවා

බැරිම තැනම දෙමාපියන් - වෛද්‍ය උපදෙස් පැතුවා
වෛද්‍ය උපදෙස් අහලා - මවට කලන්තය හැදුනා

අ‍හෝ කේදයක්ම උනේ - දරැගැබ සයමසක් උනේ
කලේ වරද කව්ද අනේ - විදුහලෙ ගුරැතුමෙකිලුනේ

මේ වැනි අපරාධ වලට - ඉඩ නොදෙමින් ඔබත් මමත්
තෙලිතුඩකින් සටන් වදිමු - අනාගතය ගැන සිතමින්....

Thursday, 24 July 2008

ඇයි නිහඩ..................

මුහන බැලුවිට අහක බලමින්
‍දෙනෙත් ගැටුනත් මග හරවමින්
නිහඩවම කිම ඉන්නෙ මෙලෙසින්
අසරණයි ........ අද මගේ සිතනම්.......

වේදනාවෙන් රිදුම් දෙයි සිත.......
නොදැනුනත් එහි අරැත කිම අද
සොයයි නිරතුරැ දෙනෙත් ඒ රැව
අසයි මාකල වරද කිම සිත...........

Tuesday, 22 July 2008

සංකේත භාවිතය

අම්බලමේ පිනා පිනා
වළං කදක් ගෙනා ගෙනා
ඒක බිදපි ගොනා ගොනා
ඒකට මට හිනා හිනා

අම්බලම යනු සසරයි. පිනා සත්වයා හා භව ආසාව යන අර්ථ පදයි. වළං කද යනු පංච ස්කන්ධයයි. ඒ අනුව මෙහි අරැත වන්නේ භව‍යේ ඉපදීමට ආසා ඇති සත්වයා වළං කදක් වැනි ශරීරය ඇතිව උපදින බවය. එනම් බුදුන් වහන්සේ සත්වයා සසර සරසැරීමෙන් මුදමින් ඒ චක්‍රය නැවතූ බවයි. එකට මට හිනා හිනා යනු මේ ගැන සියලු සත්වයන් සතුටු වන බවයි. මේ කවියේ අප දන්නා සුපුරැදු සරල අර්ථයට වඩා සංකේත අර්ථය ගැඹුරැය.

මං මුලා නොවනු මැන ......................

ගියෙමි මග තනිව මා හදිසි වුවමනාවට
දුටිමි දසුනක් තැති ගැනිනි එසැනින් ම සිත
නොයනු මග තනිව රැවැති නැගණිය කි ඔබ
සලෙලුන්ගෙ ගොදුරකට හසුවේද නොදනිම්ද.......

පසුපසින් හඹා ත්‍රීරෝද රථයෙ හිටි
මිතුරන්ව මෙන් පෙනුනෙ රකුසන්ය නැගණියේ...
දුරකථනයෙන් මිතුරැ දම් පෑව මුත් අනේ
මංමුලා නොවනු මැන නොහදුනන නැගණියේ..........

නොහඩන්න දියණිය...........

සම්න්පිච්ච මල් පොකුරක්
වගේ තිබුන ඔබේ සිනාව
නිමේෂයෙන් මැකී ගියා........
අදුරැ වෙමින් ඔබගේ මුහුණ
කඩා හැලුන දෙකම්මුලෙන්
මුතුකැටවන් කදුලු බිංදු........
දුක සිතුණා මගේ සිතට
එය දැකලා පුංචි දුවේ
සිතකින් නොව නුඹ දමලා
රැකියාවට එන්නෙ දුවේ
නුඹගෙ දිවිය සුරකින්නයි
නුඹ දමලා එන්නෙ දුවේ...................