Sunday, 31 August 2008

අනුකරණය

ගුඩ් මොනිං හැමෝටම..... ගුඩ් මෝනිං ටීචර්....
අද හැමදෙනාම මල් ගෙනාවද .. ඕවි... හරි දැන්
හැමදෙනාම පේලියට එන්න මල් පුජා කරන්න..
කව්ද ඔය .. පේලියෙන් පිට පනින්නේ ... එන්න පේලියට..
හරි දැන් ගාථා කියලා මල් පූජා කරන්න...

හැමදෙනාම පේලියට පංතියට එන්න.... දැන් වාඩිවෙන්න
පුංචි කොලයක් හා පෑනක් ගත් ඇය පැමිනීම ලකුණු කරයි.
චමිලා present...දසුන් present... ඔය ආකාරයට දිගටම
නම් කියාගෙන යයි.

දැන් හැමෝම මේ බලන්න ම‍ගේ අතේ තියන පිංතූර දිහා ..
පේනවද හැමෝටම... හොදට බලන්න .. මේ ‍අතේ තියෙන්නේ
මොකක්ද .... මලක් .... හරි මොන පාටද... රෝස පාටයි..
හා හරි හොදයි..... ඔය ආකාරයෙන් ගොඩක් වෙසක් කාඩ් පෙන්වමින්
ළමයින්ගෙන් විස්තර අසයි....ඉද හිට මමද ඇයගේ ගෝලයෙක් වෙයි.

මේ මම ඉහත දැක්වුයේ මගේ පුංචි දෝණිගේ මොන්ටිසෝරියේ විස්තරයි.
ඉරිදා එයාට නිවාඩු නිසා තනිවම ගෙදර මොන්ටිසෝරියක් දමලා..
කොහොමහරි මේ වැඩේ නිසා මම උයමින් සිටි ව්‍යාංජන වලට ලුණු දාලත්නෑ.
ඒ තරමට මම එයට සම වැදුනා...

මෙයින් මම උගත් පාඩම වූයේ පුංචි දරුවන් වැඩිහිටි අප කොතරම් දුරට අනුකරණය
කරනවාද යන්න හා... වැඩිහිටි අපගේ වැරදි ආදර්ශ ඔවුන් කොතරම් පිළිපදිනවාද...
යන්නයි.

3 comments:

malee_msg said...

මමත් පුංචි කාලේ එහෙමයි හැමදාම ගෙදර මොන්ටි‍සෝරි දානවා..!
අපි හැමොම එහෙමයි නේද?
ඔයා කියන දේ ඇත්ත පුංචි ළමයි හරිම ඉක්මනට හොද හෝ නරක ඕනිම දෙයක් අනුකරනය කරනවා..ඒ එයාලගේ හැටි..හොද දේ එයාලා වෙනුවෙන් තෝරලා බේරලා දෙන එක වැඩිහිටි අයගේ වහකීමක්

ච.ගු said...

මේ සටහන බලත්දි මට සිතුනෙ අපි කුඩා කාලෙ වගේ නොවෙයි දැන් දරුවන්ට ආධ්‍යාත්මිකව කෙතරම් තර්ජන තියෙනවද කියලා. රූපවාහිනිය ඉතාම භයානක ලෙස පොඩි දරුවන් ගෙ මනසට නුසුදුසු දේ දමනවා. මගේ කුඩා පුතු රූපවාහිනියෙ සින්හල දෙබස් ඇති කාටුන් වැඩසටහන් වලට බොහොම කැමතියි. අහම්බෙන් මමත් දිනෙක ඔහු සමග මේ වැඩසටහනක් නැරඹුවා. හපොයි ඒ සින්හල බස නම් තෙ හැවිරිදි දරුවෙකුට සුදුසු නෑ. වනාතමුල්ලෙ අර අහවල් බාසාවම නොවුනත් වැඩිහිටියන්ට ඔයා, මෙයා කීම. දිවේ කටේ නොගෑවී "මෝඩයා", " කකුල් කඩනවා", "මරනවා" වැනි දේ මේ වැඩසටහන් වල ඇසුනා. මට හිතුනා හැබෑටම මේ වැඩසටහන් දෙබස් ලියන උන් අර ඕපපාතික සත්තුද කියලා. දරුවො ඉන්නවනම්- ලමා කාලයක් තිබුනානම් මේ වගෙ කුණු හරුප දරුවන්ට ඇහෙන්න සලසන්නෙ නෑ නෙ.
දෙමාපියන් වශයෙන් අපි අපේ දරුවන් ගැන පරිස්සම් නොවුනොත් - රටේ අනාගතය අනතුරේ.

fossurgeon said...

චන්දිම කියන දේ හරි. නමුත් මට පෙනෙන දෙයක් තමා, දෙමව්පියන් හොඳ ආදර්ශයක් නොදීම. ළමුන් එවැනි නුසුදුසු, කිසිම වැඩක් නැති දේ බලන විට දෙමව්පියන් ඒ ගැන කුමක් ද කරන්නෙ? ඔවුන් ද එවැනි දේ බලා විනොද වෙනව නම්‍? බොහෝ අය රූපවැහිනියේ ඇති දේ ගැන වැරදි කීවට, ඔවුන් ඒව බලනව! අන්තිම වෙනකං ඔහේ බලාගෙන ඉඳල, ඊට පසු ඇද සොයනව, වැරදි කියනව. කව්‍ද වැරදිකරු?