Monday, 11 August 2008

අපි නොසිතන දේ...

දිගු නිවාඩුවකට පසු මට ලියන්න හිතුනා. ඉන්ටර්නෙට් පහසුකම් නොතිබු නිසා පසුගිය දිනවල ලියන්න බැරි උනා.

දිනක් මම රාජකාරී වැඩක් කර ගැනීමට එක්තරා රජයේ කාර්යාලයකට ගොඩවැදුනා. මගේ රාජකාරිය කර ගැනීමට තැනින් තැන වැඩ කරන මහත්ම මහත්මීන් කීප දෙනෙකු ලගටම යන්න සිදුවුනා. අවසානයේ බැලුවාම එය එතරම් දුරක් යන්නෙ නැතුව සෘජුවම කරගන්න හැකියාවක් තිබුන බව මට අවබෝධ වුනා.

කෙසේ නමුත් ඔය අතර ලස්සන කාන්තාවන් දෙදෙනෙකුගේ කතාවකට මගේ සවන් යොමුවුනා. ඒ එම කාර්යාලයේම වැඩ කරන දෙදෙනෙක්. මෙන්න ‍මේකයි කතාව.

අනේ .... මෙයා මම නම් හැමදාම උදේට නාලා තමයි වැඩට එන්නෙ. මොකද මට නැත්නම් ඉන්න බැ. බස්වල එනවිට ඊට දෙවෙනි නැ. එක එක්කෙනාගෙ දාඩිය ඇගේ ගැවෙනව. අප්පිරි‍යාවේ බැ. ඒක නිසා නාන්නේ නැතිව ඉන්න බැ. ඔව් ඒක නම් හරිම හොදයි. මොකද අනිත් අයගේ යහපත උදෙසා . ඒත් බැලුවම ඔය නාලා ඇග පිරිසිදුකර ගත්තට වැඩ ක් තියනවැයැ. සිත පිරිසිදු නැත්නම් . චරියාව පිරිසිදු නැත්නම්. හොයලා බලන විට එයා තරම් නරක වැඩ කරන , අනික් අයට කැපිලි දාන ‍කෙනෙක් ඒ ඔපීස් නැතිතරම්ලු.

එහෙම බලන විට මටනම් හිතෙන්නෙ බාහිර පෙනුමෙන් අනිත් අය අභිබවා ගියාට කිසිම පලක් නැ. රජයේ සේවකයකු හැටියට අපි නිතරම අනිත් අයට ‍මොකක් හෝ උදව්වක් කරන්න ඕනි. නිතරම අවංක වෙන්න ඕනි. නැත්නම් අපි රජයෙන් ගන්න වැටුපට ණය කාරයෙක් වෙනව. ඒක නිසා ගත මෙන්ම සිතත් පිරිසිදු කරගෙන දවසේ වැඩ කරන එක ඇගට ගුණයි.

No comments: