Wednesday, 20 August 2008

දයාබර අය්යණ්ඩි.....

බහ තෝරන සමයේ සිට
ඔබෙ ඔවදන් පිළිපදිමින්
පිය නැගුවා ජීවිතයේ
හිනි මංපෙත දක්වා

මිනිසුන් ගැන අව‍බෝධය
ලබාගත්තෙ නුඹ නිසාය
හොද නොහදත් හදුනගත්තෙ
නුඹ මට දුන් පන්නරයෙනි

පතිණියක්ව ගිය දින සිට
නුඹෙ උනුසුම අහිමි උනා
සොහොයුරැ පෙම කිමද කියා
හොදහැටි මට මෙනෙහි වුනා

උපදින මතු සංසාරෙත්
මගෙම සො‍හොයුරකු විලස
හමුවෙමි අපි නිබද පතමු
ගතවෙන මොහොතක් පාසා...

No comments: