Tuesday, 12 August 2008

අතීතයේ සුවද බිදු....


පුංචි සමනල වියේ...
සැදු වැලි මාලිගය
දරැණු සැඩ පහරකින්
සුනු විසුණු වී ගියා....
පැතූ පැතුමන් එලෙස
ඡන්ඩ මාරැතයකින්
දිනෙන් දින මිලින වී
ඈත දුරකට ගියා......
සිප් සතර කර එකට
පිය නැගූ මාවතේ
රෝස පියුමන් පිපී
සුවදවත් වී ගියා....
ඒ නමුත් එක් දිනක
මගෙන් ඔබ දුරස් වී
වෙනකෙනෙකු අත රැදී
දුරක පියමං කලා..............

1 comment:

මකරන්ද said...

කවිය අර්ථමය මාධ්‍යයෙකි. විශිෂ්ට කවිය ධ්වනි කාව්‍යයකි. අර්ථ ධ්වනිය ශබ්ද ධ්වනිය විසින් තීව්‍ර කරනු ලැබේ. සිංහල කවියේ ශබ්ද ධ්වනිය පිණිස විරිත සඳැස ඇත. කවිය යනු මේ සියල්ලේ සුසංයෝගයයි. ඒවා නිවෙසක වහල බිත්ති මෙනි. නිවස යනු ඒ සියල්ලේ එකතුවයි. වහල නැති තැන ගෙයක් නැත. බිත්ති නැති තැන ද ගෙයක් නැත. එසේ ම විරිත නැති තැන කවියක් ද නැත. එහෙයින් යම් විරිතකට අනුව ගායනා කළ හැකි ලෙස දිගට ම ලියන්න. විරිතකට ලිවීම යනු සිව් පදය පමණක් නොවේ. ඒ එකකි. නියම කවිය බිහි වන්නේ එසේ ය. ඒ ලක්ෂණ දැනට ම ඔබ ප්‍රකට කරයි. ඔබේ කුසලතාව අගයමි. එවන් කුසලතා දුලබ ය. සෙත්!