Tuesday, 26 August 2008

මෙහෙමත් කාලයක්...

ඊයේ රෑ ටීවී එකේ විකාශනය වුන පුවතක් ඇසු මගේ සිත සසල වී ගියා. බදුල්ල පලාතේ පාසැල් යන වයසේ ගැහැණු ළමුන් 30 දෙ‍නෙකු පමණ අනාථ වී ඇති බව එයින් සදහන් වුනා.

ටියුෂන් යන මුවාවෙන් නොයෙක් අපචාර වලට ලක්වී ඔවුන් මෙම තත්වයට පත් වු බව තමයි කියැවුනේ. එහෙත් දහසකුත් එකක් බලාපොරොත්තු මැද නොයෙකුත් දුක් ගැහැට විදිමින් දෙමාපියන් වෙර දරන්නේ තරග කාරී අධ්‍යාපනයට තමා‍ගේ දරුවාත් ඉදිරිපත් කිරිම‍ටයි. එවන් දහසකුත් එකක් බලාපොරොත්තු මැද තරග කරන එම දරැවන්ගේ දෙමාපියන් මෙන්ම අපිත් මෙවන් පුවතක් ඇසු විට පත්වන අසීරුතාවය කෙසේනම් විස්තර කරන්නද කියලා මටවත් වැටහෙන්නේ නැහැ.

අපිත් එක්ක එකතුවන බ්ලොග් අඩවියේ සොයුරින් සීමිත බැවින් මෙවැන්නක් ලිවීමෙනුත් ඇති පලක් නැහැ. ඒත් අනාගතයේ රට බාර ගන්න ලස්සන පුංචි සමනල පැටව් මෙසේ අකාල‍යේ විනාශ වී යාම කෙසේ හෝ වැලැක්විය යුතුය. එයට රටේ කවුරු හෝ වගකිව යුතුය. විශේෂයෙන් දෙමාපියන් වන අපත් එයට වගකිව යුතුය. යලිත් මෙවන් පුවතක් අපේ සවන් වෙත යොමු නොවේවා යි පතමි.

1 comment:

නිලන්ත පියසිරි said...

ඉහත කියමන හා මම ද සමඟාමි වෙමි. ලිංගිකව එක්වීම බොහෝම සරල දෙයක් නොවැ දැන්. පෝරු හදලා බෙර හඩ මැද යුවලක් වී ඒ එක්වීම ද වෙනත් ආකාරයෙකින් දිව්‍යමය සැලකීමක්. නමුත් දැන් තෙලි දසුන් හී ඇත්තේ බොහොම සරල දෙයක් ලෙස ලිංගිකත්වය පෙන්වීමක් නොවැ. එවැනි දෑ දකින මේ කිරි කැටි කෙල්ලෝ සරල සුගම දේවල් ලෙස මේවා දැකීම පුදුමයක් නොවේ. සෑම දෙයක්ම රසවිදින හැටි පවා අපේ පොඩි අයට කියා දිය යුතුමය.