
මුකුලිත වුණු රැවැති මලේ
සුවද හමයි සතර අතේ........
රොන්ගන්නට එයි බඹරැන්
නොවැරටෙන්න රැවැති මලේ
මල් නොතලා රේණු තලා
රොන් ගෙනයයි සමනලයින්
අහිංසකයි ඒ වාගේ
හිත රවටයි නොදැන ලොවින්........
සැඩ පරැෂයි ... හිත් චපලයි
බඹරැන්ගේ සුවද මලේ
සුවද දිදී හැමදාමත්
ලගින් ඉන්න රැවැති මලේ......
3 comments:
රුවැති වුණත් නුවණ ඇතේ
බඹරුන් ගැන හොඳට දනී
සුවඳ බෙදා සතර අතේ
සැමදාමත් ඉන්න හැකි
ලස්සන කවි පන්තියක් ඒක නිසාම මටත් පිලිතුරු කවියක් ලියන්න හිතුනා.
සුළු කොට නො තැකිය හැකි වරදක් දුටුවා, මෙහි මැය(මාතෘකාව) "රැවැති" ලෙස දක්වා තිබුණ ද, එය "රුවැති" ලෙස නිවැරදි විය යුතු යි.
ඔව් රජිත් කියන දේ හරි
තවත් අකුරු පටලැවීම් කිහිපයක් තිබෙනවා
ඒවා හදන්න එතකොට තවත් අගෙයි
බඹරැන්, නොවැරටෙන්න, නිදසුන් කිහිපයක්
අනෙක් අතට මෙහි පළමු පේලිය ටිකක් පටලැවිලි සහිතයි
මුකුලිත මලකට බඹරුන් එන්නේවත් සුවඳ හමන්නේවත් නැහැ..මන්ද එය මැලවී ඇති නිසා..
නමුත් විකසිත මලකට නම් ඔය සියලු දේ වෙනවා..
ඔබ ටිකක් වචනවල අරුත් වරදවා වටහාගෙන ඇතුවා වාගෙයි මට නම් පෙනෙන්නේ
මේවා නිවැරදි කළ හැකි නම් අගෙයි.
"මුකුලිත වුණු රැවැති මලේ
සුවද හමයි සතර අතේ........
රොන්ගන්නට එයි බඹරැන්
නොවැරටෙන්න රැවැති මලේ"
මට පෙනෙන විදිහට මෙහි වැරදි කිහිපයක්ම තිබෙනවා
Post a Comment