පසුගිය ඉරිදා දිනයෙහි දහවල් රූපවාහියේ දර්ශනය වුනු එක්තරා සජීවී වැඩසටහනක් දහවල් කෑම ගන්නා අතර තුරදී මමත් දරුවන් දෙදෙනාත් නරඹමින් සිටියා. එම වැඩසටහනට සහභාගී වී සිටියේ නඵනිලියන් කිහිපදෙනෙකි. නොයෙකුත් විහිලු , ගීත ගායනය සහ තවත් විනෝදාත්මක වැඩසටහනක් ඒ අතරතුර පැවැත්වුවා.
විනාඩියක් යම් මාතෘකාවක් ඔස්සේ කතා කිරීම තමයි එම වැඩසටහන. එක් මොහොතකදී එක්තරා නිලියකට ලැබුනේ ජලය ගැන විනාඩියක් කතා කිරීමටයි. මගේ කුඩා දරු දෙදෙනාත් මේ ගැන ඇසිපිය නොහෙලා බලා සිටියා. නිලිය ජලය ගැන තකා කරන්න පටන් ගත්තා .
ජලය නිල් පාටයි. ජලය ගලාගෙන යනවිට තාරකා ආකාරයට පේනවා. ජලය ලස්සනයි. අපේ එදිනෙදා වැඩ වලට ජලය අවශ්‍ය වෙනවා. ජලය ගොඩක් තියනවා. ඔය ආකාරයට කතාව විනාඩියක් දිගටම එම තැනැත්තිය කතා කලා ජලය ගැන. කෙසේ හෝ ඇය ජයග්‍රහනය කලා . ලොකු අත්පොලසන් හඩක් ඇසුනා. ඒ අතර ඇයට තෑගිත් ලැබුනා. මගේ දරුවන් දෙදෙනා බයවෙලා වගේ බලා සිටියා. මම ඇසුවා ඇයි පුතේ කියලා.
අම්මේ ජලයට කොහෙන්ද පාටක්. ජලයේ කොහෙන්ද තාරකා වගේ තියෙන්නේ......
ඒදෙන්නා ලොකු ගැටලුවකට මුහුන පාලා. ඇත්ත තමයි .. මේ වගේ මුලු ලෝකයක් බලා සිටින ජනමාධය තුලින් වැරදි දේ පෙන්වන්නේ ඇයි. කතා කරන්නේ ඇයි. තුනේ පංතියේ ළමයෙක් කතා කලානම් හොදට හිතලා බලලා ඔයිට වඩා හොදට ජලය ගැන කතා කරන බව මගේ ලොකු දෝණි පැවසුවා.
කාට කියන්නද මේවා.................
Subscribe to:
Post Comments (Atom)
2 comments:
රූපවාහිණිය දිහා බලා ඉන්නේ ඇයි? ඕනැම ජරාවක්, මෝඩ අය මෝඩ අදහස් කතාකරනවා අසස ඉන්නේ ඇයි? ඔය මෝඩ වැඩසටහන අවසානය දක්වා බාල සිටියේ ඇයි?
මොඩයෝ ඉන්නේ රූපවාහිනියේ පමණක් නොව, ගෙදර ද සිටින බව තේරුම් ගැනීම මුල් පිවරයි, ගුරුතුමියනි!
ඔබගේ අදහස් දැක්වුවාට තුති.රූපවාහිනිය තිබෙන්නේ නරබන්න මිසක් ගෙදර නිකන් තියාගෙන ඉන්න නෙවෙයි.නමුත් එහි කරන වැඩසටහන් හැමදෙනාටම හරවත් ආකාරයෙන් ඉදිරිපත් කිරිම මාධ්‍යයේ වගකීමක් බවඩ ඔබ තේරුම් නොගැනීම කණගාටුවට කරුණක්. සමහර විට ඔබද මෙම වැඩසටහනට සහභාගී වුවකු ලෙසයි මට හැගෙන්නේ.හිත රිදුනානම් සමාවන්න. නමුත් මෙවැනි වැඩ සටහන් නොකිරීමට වග බලාගන්න.
Post a Comment