පුංචි ඇදුම් පොඩි මැසුවේ නුඹව හැඩ කරන්නයි
තොටිල්ලකුත් ගෙන ආවේ නුඹව සතප වන්නයි
දෙතනේ ඇගේ කිරි එරුනේ සෙනෙහස පතුරන්නයි
නැළවිලි ගී පුරුදු වුනේ නුඹව නලව ගන්නයි
දහසක් පැතුමන් ඉටුවී මව් පදවිය ලැබුවා
හිමිදිරියේ පුංචි පුතෙක් මව් තුරුලට ආවා
මවගේ උණුසුම ලබමින් බිළිදා සැනසුවා
සිතේ සතුට දෝර ගලා මව සැනසුම ලැබුවා
පසුදින කිරි දෙන්න සිතා මව බිළිදා සෙව්වා
මෙලොව අතැර ගොස් බිළිදා සුරලොව නිදි ලැබුවා
දරා නොහෙන වේදනාවෙ මව නිති වැල පෙව්වා
සොහොන් බිමේ පුතු තනිකර මෙලොවින් සමු දෙව්වා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment