Sunday, 7 September 2008

මීටර් එකට අඩි කීයද

දඑක්තරා විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා සිසුවියන් කිහිපදෙනෙකුගේ වැඩක් ගැන තමයි මම අද ලියන්නේ. මෙය සත්‍ය සිද්ධියක් බව මුලින්ම සදහන් කල යුතුයි.

තමාගේ නවාතැන් පොළ නැත්නම් හොස්ටල් එක ආසන්නයේ පිහිටි කඩයකට ගොඩ වැදුනු මෙම ශිෂ්‍යයාවන් තමාගේ අවශ්‍යතාවයක් සදහා එම කඩෙන් නුල් ඉල්ලන ලදී. අය්යේ අර රෙදි එල්ලන නූල් තියනවද.... ‍කඩේ මුදලාලි උඩ බිම බලන්නට විය. මොන නූල්ද නංගි. මට පැහැදිලි නැහැනෙ. මුදලාලි කියන්නට විය. අය්යේ අර අව්වෙ රෙදි දාන කොට රෙදි දාන නූල් . මුදලාලිට සියල්ල පසක් විය. හරි නංගී ඔයාලට ඒකට තංගුස් නූල් වගයක් තියනවා මෙන්න මේවා . කොච්චර ඕනිද.... මුදලාලි අසන්නට විය. අය්යේ මීටරයක් ඇති. මුදලාලිට සිනා පහළ විය. වැරෙන් එය වලකා ගත් මුදලාලි . නංගී මීටරයක් කියන්නේ මෙච්චර දිග ඇති. කියලා මීටර්යක් දිගට තංගුස් නූල තබා ඔවුන්ට පෙන්වා ඇත. මේ අතර මේ ළමයින් ඉල්ලන්නේ .තංගුස් නූල් බවත්.. අවශ්‍ය වන්නේ රෙදි දැමීමට පිළිවැලක් බවත් මුදලාලි අවබෝධ කරගෙන අවසානය.

කෙසේ හෝ මෙය දුටු ළමයින් අනේ අය්යේ ඔච්චර මදි. කෙසේ හෝ අවශ්‍ය තරම් මුදලාලි විසින් ඔවුන්හට දෙන ලදි.

උසස් පෙළ හදාරා සරසවියට පිය නගන එම සිසුන් අතර කෙතරම් දැනුම් සම්භාරයක් තිබෙන්නට ඇත්ද ... අහෝ ‍මෙවැනි දැනුමක් ලබාගෙන සරවියෙන් පිටවෙන අපේ ඉදිරි පරපුර මොන ආකාරයට රට ගොඩ නගයිද. පැනයකි .. එය ඔබ විසින් තීරණය කරනු මැන.

1 comment:

Ari said...

ඇත්ත මෙහෙම කතා ගොඩක් දෙනාට කියන්න ඇති. හේතුව අපි ඔක්කොම යාන්ත්‍රික වීම. මීටරය අඩිය කිලෝව කියන්නෙ මොනවද කියල දන්නව. නමුත් ප්‍රායොගිකව ඇස හා මනස හුරු නැහැ වැඩෙට. එතකොට හිතෙන් ප්‍රමානය පිලිබද අනුමායක් කරගන්න (හිතාගන්න ) අපහසු වෙනව. ලමයින්ගෙ බුද්ධිය පිලිබද අඩුවක් නෙමෙයි ප්‍රායොගික අත්දැකීම් වල අඩුවක්. මම හිතනව දෑන් ඒ ලමයි ඒ අත්දැකීම ලැබුව කියල.

මගෙ අත්දැකීමක් කියන්නම්, ඒ 1978 ලංකාවෙ මිනුම් ඒකක මෙට්ට්‍රික් ක්‍රමයට හැරුනු දවස්වල, මම පේරාදෙනියෙ ඉගෙනගන්නව. ගෙදර ඉදල යනකොට යලුවො ඉන්නෙ මොනවහරි කන්න බලාගෙන. බස් එක තේ බොන්න නතර කරපු කඩේ තිබුන බිස්කට් දාපු ලොකු බෝතලයක ගහල 100 රුපියල් 3.00 කියල. දැන් නම් ඔනෙකෙනෙක් දන්නව මොකකද අදහස කියල. ඊට වැඩිය වැඩෙ මම ඇහුවහම කොහොමද මනින්නෙ කියල, ගනන් කරලයි දෙන්නෙ කිව්ව. බිස්කට් 100 දාගෙන යන්න බැග් එකෙ ඉඩත් මදියි වියදමත් වැඩියිනෙ. 50 ක් ඉල්ලුව. කොපි කොලවලින් හදපු බැග් එකක් අරගෙන බිස්කට් 8 ගනන්කරල දැම්ම. මම ඇහුව ඇයි 50 ක් නෙ කිව්වෙ කියල. එතකොට මුදලාලි කියනව මේ අලුත් මිනුම් ක්‍රමයට බරට අල්ලන ප්‍රමාන අපි ගන්නන් හදාගෙනෙ ඉන්නෙ, ඒකයි ගනන් කරල දෙන්නෙ කිව්ව කියල. මොනව කරන්නද මමත් 1 . 50 ක් දීල බිස්කට් 8 අරගෙන ගිහින් යාලුවොත් එක්ක කාල සිද්දියත් කියල විනෝද උනා.