සිතට නැගෙන දුක්-සොම්නස නිවා ගන්න
එක්වුවා ඔබ සමගින් බ්ලොග් සටහන් ලියා ගන්න
බෙදා හදා ගත්තා අපි දැනුම් සයුරෙ කිමිදි ඉන්න
ඒ අතරට ඔබෙ අදහස් පෑවා තව තව ලියන්න
සිත දිරිගෙන ඉදිරියටම යන්න සිතා
සිතට නැගෙන නව අදහස් ලිව්වෙ ගොතා
වැරදි ඇත මගේ ලිපිවල කියමි සිතා
විවේචන වලින් එයදැක ගතිමි ඉතා
ලිවීමට මසිත අදහස් නොමැති විට
ලියවෙයි එදිනෙදා ඇසු දුටු දෙය එවිට
වරදවලා තේරුම්ගෙන ඔබ එයට
මසිත නොරිදවා අදහස් දන්වන්ට
Subscribe to:
Post Comments (Atom)
2 comments:
මට තේරුම් ගන්න පුළුවන් බාසාවකින් ඔයා ලියනවා නම් ඒ ඇති එතනින් එහාට අනතර්ගතය වැඩක් නෑ මොකෝ කියවන්න දන්න අකුරක් නම් මම ඒ හැම දේම කියවනවා
අර හරේෂ් ට වගේ ප්‍රශ්ණ නම් මට නැත
නූතනයේ ප්‍රකාශන මාධ්‍ය අතර දැන්දැන් පෙරට එන මාධ්‍යයකි මේ බ්ලොග් අඩවි.එය නිවැරදිව භාවිතා කිරීමෙන් ඔබට කීමට අවශ්‍ය දෙය පැහැදිලිව සමාජයට කාන්දු කල හැක. ඔබට අදහස් දැරීමේ පූර්ණ අයිතියක් ඇත.එයට අනුන් එකග වෙනවාද නැද්ද යන්න ඔබේ ප්‍රශ්ණයක් නොවේ.පද්‍යයකට මෙන්ම ගද්යයකටද භාෂා රීති ඇත.රීතියට ගැති නොවිය යුතු නමුත් ව්‍යාකරණ වලට ගරැකල යුතුය.නොඑසේ නම් ඔබද FM RADIO නිවේදිකාවන්ගේ හරසුන් තත්වයට පත්වනු ඇත.මගේ අදහස නම් දිගටම ලියන්න. නමුත් ලිවීමට ප්‍රථම හිතා බලන්න.සිතා බැලිය යුත්තේ ලියන්නට යන්නේ කුමක්ද කියාය.
ඔබට ජය ශ්‍රී
Post a Comment