ගුඩ් මොනිං හැමෝටම..... ගුඩ් මෝනිං ටීචර්....
අද හැමදෙනාම මල් ගෙනාවද .. ඕවි... හරි දැන්
හැමදෙනාම පේලියට එන්න මල් පුජා කරන්න..
කව්ද ඔය .. පේලියෙන් පිට පනින්නේ ... එන්න පේලියට..
හරි දැන් ගාථා කියලා මල් පූජා කරන්න...
හැමදෙනාම පේලියට පංතියට එන්න.... දැන් වාඩිවෙන්න
පුංචි කොලයක් හා පෑනක් ගත් ඇය පැමිනීම ලකුණු කරයි.
චමිලා present...දසුන් present... ඔය ආකාරයට දිගටම
නම් කියාගෙන යයි.
දැන් හැමෝම මේ බලන්න මගේ අතේ තියන පිංතූර දිහා ..
පේනවද හැමෝටම... හොදට බලන්න .. මේ අතේ තියෙන්නේ
මොකක්ද .... මලක් .... හරි මොන පාටද... රෝස පාටයි..
හා හරි හොදයි..... ඔය ආකාරයෙන් ගොඩක් වෙසක් කාඩ් පෙන්වමින්
ළමයින්ගෙන් විස්තර අසයි....ඉද හිට මමද ඇයගේ ගෝලයෙක් වෙයි.
මේ මම ඉහත දැක්වුයේ මගේ පුංචි දෝණිගේ මොන්ටිසෝරියේ විස්තරයි.
ඉරිදා එයාට නිවාඩු නිසා තනිවම ගෙදර මොන්ටිසෝරියක් දමලා..
කොහොමහරි මේ වැඩේ නිසා මම උයමින් සිටි ව්‍යාංජන වලට ලුණු දාලත්නෑ.
ඒ තරමට මම එයට සම වැදුනා...
මෙයින් මම උගත් පාඩම වූයේ පුංචි දරුවන් වැඩිහිටි අප කොතරම් දුරට අනුකරණය
කරනවාද යන්න හා... වැඩිහිටි අපගේ වැරදි ආදර්ශ ඔවුන් කොතරම් පිළිපදිනවාද...
යන්නයි.
Sunday, 31 August 2008
Wednesday, 27 August 2008
රුවන් වැකි
සත්පුරුෂයා
අසත්පුරුෂයා සත්පුරුෂකමින් ජය ගත යුතුය.
සතුටුවීම
සියලු ධනයන්ට වඩා ලද පමණින් සතුටුවීම උතුම් ධනයකි.
වැරැදි
අනුන්ගේ වැරැදි සොයනවාට වඩා තමාගේ වැරැදි සෙවීම උතුම්ය.
තෘප්තිය
මිනිසාට කහවුණු වැස්සක් වැස්සත් වස්තුව පිළිබද තෘප්තිය නැත.

Tuesday, 26 August 2008
මෙහෙමත් කාලයක්...
ඊයේ රෑ ටීවී එකේ විකාශනය වුන පුවතක් ඇසු මගේ සිත සසල වී ගියා. බදුල්ල පලාතේ පාසැල් යන වයසේ ගැහැණු ළමුන් 30 දෙනෙකු පමණ අනාථ වී ඇති බව එයින් සදහන් වුනා.
ටියුෂන් යන මුවාවෙන් නොයෙක් අපචාර වලට ලක්වී ඔවුන් මෙම තත්වයට පත් වු බව තමයි කියැවුනේ. එහෙත් දහසකුත් එකක් බලාපොරොත්තු මැද නොයෙකුත් දුක් ගැහැට විදිමින් දෙමාපියන් වෙර දරන්නේ තරග කාරී අධ්‍යාපනයට තමාගේ දරුවාත් ඉදිරිපත් කිරිමටයි. එවන් දහසකුත් එකක් බලාපොරොත්තු මැද තරග කරන එම දරැවන්ගේ දෙමාපියන් මෙන්ම අපිත් මෙවන් පුවතක් ඇසු විට පත්වන අසීරුතාවය කෙසේනම් විස්තර කරන්නද කියලා මටවත් වැටහෙන්නේ නැහැ.
අපිත් එක්ක එකතුවන බ්ලොග් අඩවියේ සොයුරින් සීමිත බැවින් මෙවැන්නක් ලිවීමෙනුත් ඇති පලක් නැහැ. ඒත් අනාගතයේ රට බාර ගන්න ලස්සන පුංචි සමනල පැටව් මෙසේ අකාලයේ විනාශ වී යාම කෙසේ හෝ වැලැක්විය යුතුය. එයට රටේ කවුරු හෝ වගකිව යුතුය. විශේෂයෙන් දෙමාපියන් වන අපත් එයට වගකිව යුතුය. යලිත් මෙවන් පුවතක් අපේ සවන් වෙත යොමු නොවේවා යි පතමි.

Sunday, 24 August 2008
රුවන් වැකි
සමාව
අපට බලගතු අසාධාරණයක් සිදුවූ විට, ඒ තුවාලය සනීප වනුයේ අසාධාරණය සිදුකල පුද්ගලයාට අපගේ සමාව ලැබුනවිට පමණි.
වචන පාවිච්චිය
පවනට වැඩියෙන් වචන පාවිච්චිය කිරීමෙන් ඕනෑම හොද අදහසක් හුස්ම හිරකොට මරාදැමිය හැකිය.
ධෛර්ය
භීතිය නැමැති ගංවතුර වළකනු සදහා අප නිතර ධෛර්ය නැමැති පවුරු තැනිය යුතුය.
විනාශය
ගතානුගතිකත්වය නිසා අප අඩක් විනාශ වී හමාරය. හැබැයි එය නොතිබෙන්නට අප සහමුලින්ම විනාශ වන්නට තිබුණි.

Wednesday, 20 August 2008
දයාබර අය්යණ්ඩි.....
බහ තෝරන සමයේ සිට
ඔබෙ ඔවදන් පිළිපදිමින්
පිය නැගුවා ජීවිතයේ
හිනි මංපෙත දක්වා
මිනිසුන් ගැන අවබෝධය
ලබාගත්තෙ නුඹ නිසාය
හොද නොහදත් හදුනගත්තෙ
නුඹ මට දුන් පන්නරයෙනි
පතිණියක්ව ගිය දින සිට
නුඹෙ උනුසුම අහිමි උනා
සොහොයුරැ පෙම කිමද කියා
හොදහැටි මට මෙනෙහි වුනා
උපදින මතු සංසාරෙත්
මගෙම සොහොයුරකු විලස
හමුවෙමි අපි නිබද පතමු
ගතවෙන මොහොතක් පාසා...
ඔබෙ ඔවදන් පිළිපදිමින්
පිය නැගුවා ජීවිතයේ
හිනි මංපෙත දක්වා
මිනිසුන් ගැන අවබෝධය
ලබාගත්තෙ නුඹ නිසාය
හොද නොහදත් හදුනගත්තෙ
නුඹ මට දුන් පන්නරයෙනි
පතිණියක්ව ගිය දින සිට
නුඹෙ උනුසුම අහිමි උනා
සොහොයුරැ පෙම කිමද කියා
හොදහැටි මට මෙනෙහි වුනා
උපදින මතු සංසාරෙත්
මගෙම සොහොයුරකු විලස
හමුවෙමි අපි නිබද පතමු
ගතවෙන මොහොතක් පාසා...
Tuesday, 12 August 2008
අතීතයේ සුවද බිදු....

පුංචි සමනල වියේ...
සැදු වැලි මාලිගය
දරැණු සැඩ පහරකින්
සුනු විසුණු වී ගියා....
පැතූ පැතුමන් එලෙස
ඡන්ඩ මාරැතයකින්
දිනෙන් දින මිලින වී
ඈත දුරකට ගියා......
සිප් සතර කර එකට
පිය නැගූ මාවතේ
රෝස පියුමන් පිපී
සුවදවත් වී ගියා....
ඒ නමුත් එක් දිනක
මගෙන් ඔබ දුරස් වී
වෙනකෙනෙකු අත රැදී
දුරක පියමං කලා..............
Monday, 11 August 2008
අපි නොසිතන දේ...
දිගු නිවාඩුවකට පසු මට ලියන්න හිතුනා. ඉන්ටර්නෙට් පහසුකම් නොතිබු නිසා පසුගිය දිනවල ලියන්න බැරි උනා.
දිනක් මම රාජකාරී වැඩක් කර ගැනීමට එක්තරා රජයේ කාර්යාලයකට ගොඩවැදුනා. මගේ රාජකාරිය කර ගැනීමට තැනින් තැන වැඩ කරන මහත්ම මහත්මීන් කීප දෙනෙකු ලගටම යන්න සිදුවුනා. අවසානයේ බැලුවාම එය එතරම් දුරක් යන්නෙ නැතුව සෘජුවම කරගන්න හැකියාවක් තිබුන බව මට අවබෝධ වුනා.
කෙසේ නමුත් ඔය අතර ලස්සන කාන්තාවන් දෙදෙනෙකුගේ කතාවකට මගේ සවන් යොමුවුනා. ඒ එම කාර්යාලයේම වැඩ කරන දෙදෙනෙක්. මෙන්න මේකයි කතාව.
අනේ .... මෙයා මම නම් හැමදාම උදේට නාලා තමයි වැඩට එන්නෙ. මොකද මට නැත්නම් ඉන්න බැ. බස්වල එනවිට ඊට දෙවෙනි නැ. එක එක්කෙනාගෙ දාඩිය ඇගේ ගැවෙනව. අප්පිරියාවේ බැ. ඒක නිසා නාන්නේ නැතිව ඉන්න බැ. ඔව් ඒක නම් හරිම හොදයි. මොකද අනිත් අයගේ යහපත උදෙසා . ඒත් බැලුවම ඔය නාලා ඇග පිරිසිදුකර ගත්තට වැඩ ක් තියනවැයැ. සිත පිරිසිදු නැත්නම් . චරියාව පිරිසිදු නැත්නම්. හොයලා බලන විට එයා තරම් නරක වැඩ කරන , අනික් අයට කැපිලි දාන කෙනෙක් ඒ ඔපීස් නැතිතරම්ලු.
එහෙම බලන විට මටනම් හිතෙන්නෙ බාහිර පෙනුමෙන් අනිත් අය අභිබවා ගියාට කිසිම පලක් නැ. රජයේ සේවකයකු හැටියට අපි නිතරම අනිත් අයට මොකක් හෝ උදව්වක් කරන්න ඕනි. නිතරම අවංක වෙන්න ඕනි. නැත්නම් අපි රජයෙන් ගන්න වැටුපට ණය කාරයෙක් වෙනව. ඒක නිසා ගත මෙන්ම සිතත් පිරිසිදු කරගෙන දවසේ වැඩ කරන එක ඇගට ගුණයි.

Monday, 4 August 2008
රැවැති මලක්.................
Subscribe to:
Posts (Atom)