
මව්පිය ආසිරි මැද්දේ
පතිකුලයට ගිය නැගණිය
ඔහුගේ රැකවරණය ලබමින්
දිවි ගෙව්වා සුපුරුදු ලෙස
පෙරදා පෙම්කල දහවත්
නොදැනිම යළි හමුවූවිට
ඔහු හා ඇය ලංවුවා
සිත් හා නෙත් එකට බැදී
ඔහු අන්සතු බව දැන දැන
යළි ඇගෙ සිත ඇදී ගියත්
අමතක කරනට සිතුවත්
යළි මතකය අලුත් වෙලා
සිතින් පමණක් ඔහුව ඇගෙකර
සදාතනිකව ඔහුට පෙම්කර
මුඵ හදින් ඈ ඔහුට ලංවී
ගතින් පමණක් ඈත්වූවා
1 comment:
ජීවිත අනිතයතාවය නියාමක ධර්මයක්. මෙම දහම තුල කිසිවක් ස්ථිර නැත.කැමති දේ නොලැබීම මෙන්ම අකමැති දේ ලැබීම දුක්ඛ ආර්යය සත්‍යයට අයත් කිසිවෙකුට වෙනස් කල නොහැකි සත්‍යයක්.
කවිය රචනා ස්වරූපයෙන් මදකට මිදුනා නම් වඩාත් හොද බව අපගේ විශ්වාසයයි. ඔබගේ උත්සාහයට මගේ සුභපැතුම්.
Post a Comment