Thursday, 13 November 2008

නාඩන් පුතුනි


රන් කහවනු සොයනු පිණිස - නු‍‍ඔ තනිකර එතෙර ගියත්
සිතකින් නොව මා සිටින්නෙ - නුඹ දන්නැහැ මගේ පුතේ
දුප්පත් කම දෝත දරා - ඉපදුන අපි මෙලොව මෙලෙස
පිහිටක් නැති තැනම මෙමා - පිය මැන්නා එතෙර යන්න

අහිතක් නොසිතන්න පුතේ - තනිකර මා ගියත් එතෙර
නුඹ හඩනා හඩ රැවු‍දේ - දෙසවන් ‍මගෙ දොර ගලා
නුඹ වෙනුවෙන් එරෙනු මගේ - කිරි ගලාන යයි ඉවතට
දෑසේ කදුලැලි වැගිරෙයි - නුඹ වෙනුවෙන් මගෙ රන්කද

රන්කහවනු පොදියක් බැද - හෙට දිනයේ මා එනවිට
අම්මා කව්රුන්ද කියා - අසයි මගේ පුතු නි ඔයා
අනාගතයේ අපේ ලොවේ - කිරැඵ පලදවන්න සිතා
පැතුම්පතමි මම අද දින - දහදුක් විද ජය ගන්න සිතා....

1 comment:

Unknown said...

niyamai aththatama duka hithenawa.මට නමි ඇත්තටම දුකයි