Thursday, 23 October 2008

පුස්තකාල සේවය


පුස්තකාලයක් කියු පමණින් අප සිතේ මැවී පෙනෙනේ පොත් සමූහයක් රාක්ක ගත කර හෝ අල්මාරි වලට දමා පාඨකයින්ට පොත් නිකුත් කරන ස්ථානයක් ලෙසයි. එයට අමතරව පුවත්පත් , සගරා , ගැසට් ආදිය තැන්පත් කර ඇති ස්ථානයක් ලෙසයි. එසේ නොමැතිව මහත් සමාජයකට දැනුම් සම්භාරයක් ලබාදෙන බුද්ධිමය දේපලක් ලෙස සිතට නැගෙන්නේ කලාතුරකින් කෙනෙකුට පමණි.

පුස්තකාලයක වැඩ කරන සේවකයින් ගැන අද සමාජයේ තිබෙන තක්සේරුවද එසේමය. පුතකාලයෙන් පොතක් දිම පමණක් එහි වැඩ කරන සේවකයින් අතරින් සිදුවන බව සමහරු සිතයි. නමුත් පොතක් රාක්කගත කිරීමට පෙර කලයුතු වැඩ කොටස ගැන ,ඒ සදහා දැනුමක් අවශ්‍ය බව සිතන අය අඩුය. විශේෂයෙන් පළාත් පාලන ආයතන වලින් පාලනය වන පුස්තකාල සේවය ගැන මෙවැනි තත්වයක් උදාවී ඇති බව සදහන් කරනු කැමැත්තෙමි. විශ්වවිද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතන වලින් පාලනය වන පුස්තකාල නම් මීට වඩා හාත් පසින් වෙනස්ය.

වෙනත් වෘත්තීන් හා සැසදීමේදී පළාත් පාලන ආයතන මගින් පාලනය වන පුස්තකාලවල සේවකයින්ට උසස් වීම් හා පංති කිරීමක් කරනු ලබන්නේද කලාතුරකිනි. මේහෙයින් එම සේවකයින්ගෙන් ලබාගත යුතු සේවයද මනදගාමී වේ. නිසියාකර පිළිගැනීමක් , සේවය ඇගයීමක් නොමැති හෙයින් මානසිකව ඔවුන් පහත් මට්ටමක සිටී. මෙය අවබෝධ කරගැනිමට කිසිවකු නැත. කාර්යාල අතරත් පුස්තකාල සේවකයින් පහත් මට්ටමක සලකන අයද සිටින නිසා ඔවුන් තව තවත් මානසිකව වැටේ . එමනිසා නිලධාරීන්ගේ තිබෙන අධ්‍යාපන සුදුසුකම් අනුව හා සේවා කාලය අනුව ඔවුන්ට හිමිවිය යුතු වරම් ලබාදෙනවා නම් වඩාත් උචිත සේවාවක් සමාජයට ඔවුන්ගෙන් ලබාගත හැක.

කෙසේ නමුත් රජයෙන් ලැබෙන වැටුපට සරිලන සේවාවක් කිරීම රාජ්‍ය සේවකයින් වන අපගේ යුතුකමක් හා වගකීමක් වනු ඇත. කවුරු කෙසේ අවතක්සේරුවට ලක් කලත් තම යුතුකම නිසියාකාරව ඉටු කිරිමට අපගේ පැතුම විය යුතුය.

1 comment:

sumedha Obeysekera said...

Biggest problem is, new generation does not read much..they only read what they have in their subjects. It is so pathetic! Your effort to improve the reading in the society is highly appreciated by people who know the real value of reading.

Regards!