පුතා නැගිටින්න..... ඉක්මනට පරක්කු වෙනව. බස්එකත් යයි. මට අදත් රතු ඉර වදයි. බොස්ගෙන් බැනුම්
අහන්නත් වෙයි. ඇගමැලි කඩමින් නැගිටින දරුවාට කඩිමුඩියේ සාදාදෙන තේ එක දෙමින් තවත් වැඩක්
කරමින් යුද්දයක් කරන්නේ වේලාසන රැකියාවට යාමටයි. දහවලට සැමියාටත්, දරුවන්ටත් කෑම පාර්සල්
සකසා දෙමින් තමාත් සාරියක් පටලවාගෙන නියමිත වේලාවට රැකියාවට යායුතුව ඇත.
අද පවතින ආර්ථික තත්වය දෙස බලන විට එක්කෙනෙකු පමණක් රැකියාවක් කර ලැබෙන ආදායමෙන්
මාසයේ වියදම ණයක් නොවී පියවාගත නොහැක. එයට උදව්වක් ලෙස 75% ක් පමණ අද බිරිදත්
රැකියාවක නිරතවෙයි. මේ තත්වය මත අසරණ වන්නේ දරුවන්ය. උදෑසනින් දරුවන් පාසැල වෙත
යොමුකර දෙමාපියන් රැකියාවට ගොස් එනතෙක් දරුවන් සිටින්නේ හිතවත් අසල්වැසි ගෙදරක හෝ
දරුවන්ගේ ආරක්ෂාවට සිටින මෙහෙකාරිය සමගය. නැවතත් රැකියාවෙන් මිදී ගෙදරට බිරිද එන්නේ
හොදටම හෙම්බත් වෙලාය. බසයේ තෙරපෙමින් සමහර වෙලාවට හිටගෙනම ගමනාත්තය දක්වා බසයේ
ගමන් කිරීමට සිදුවන අවස්ථාද එමටය. සමහර වෙලාවට රැකියා ස්ථානයේ කුමක් හෝ ගැටලුවක් හිසේ
දරාගෙන නිවසට පැමිනෙයි.
තම මව හෝ පියාගේ රුව දකිනතෙක් නොඉවසිල්ලෙන් පෙරමග බලා සිටින දරුවාට මේ කිසිවක්
නොහැගේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ උදේ සිට සවස් වනතෙක් නොලැබුන මව් සෙනෙහස හෝ පිය
සෙනෙහස ලබාගැනීමටයි. එහෙත් වෙහෙසට පත්ව සිටින මව් පියන්ට මෙය හිසරදයක් වන අවස්ථාද
නැතිවා නොවේ. මේ හේතුව මත දරුවාගේ අධ්‍යාපන කටයුතු ද අඩපන වන අවස්ථාද එමටය. හේතුව
ගෙදර ආ විගස ගෘහනිය බලන්නේ ඉක්මනට රෑ කෑම සකසා ගැනිමටය. දරුවන් නින්දට යන්නට පෙර
ඔවුන්ට කෑම ටිකක් කවාගැනිම ඇයගේ ඊළග උත්සාහය එය වන හෙයිනි. මේ අයුරින් බලන විට
ගෘහනියක් රැකියාවක නිරත වීම දරුවන් ඉමහත් අසහනකාරී තත්වයට පත්වීමට හේතුවක් වනු ඇත.
පෞද්ගලික ආයතනවල රැකියාවල නියුතුවන කාන්තාවන්ට මෙයටත් වඩා දුෂ්කරතා වලට මුහුන පෑමට
සිදුවන අවස්ථා එමටය. ඔවුන්ගේ වැඩමුරය නිමවන්නේ සවස 7.00 ට පමණ වීම මෙයට හේතුවේ.
කෙසේ නමුත් පවතින ආර්ථිකය සමග පොරබදින්නට වෙහෙසෙන ගෘහණිය රැකියාවක නිරත වීම
පෞද්ගලික ජීවිතයට විශාල තර්ජනයක්ව පවතින බව කිවහැකිය.
Subscribe to:
Post Comments (Atom)
4 comments:
ඔබ කියන දෙය ඉතාමත් නිවැරදි මෙන්ම සංවේදී කාරණයක්. මා ගේ සොඳුර ද රැකියාවක් කරන්නීය. පිරිමි තම ගැහැණුන් ව සොඳුර නමින් හඳුන්වනුයේ ඇය එතරම් ම සොඳුරු බැවිනි. එහෙත් ඒ සොඳුරු බව රැක ගෙන ඇය කෙතරම් දරාගැනීමක් සහ ශක්තියක් ඇතිව දිවියට මුහුණ දෙන්නේ ද? පිරිමි මෙන්ම රැකියාවෙහි නියුතුව ගෙදර වුත් තම සැමියා ගේ මෙන්ම දරුවන්ගේ සියළු අවැසිතා සිතන ඇය, දෙවඟනක් ම ය.
ඕවා ඔහොම තමයි ඉතිං නේද? තමන්ගේ ස්වාමියාගෙනුත් සහයක් ලැබෙනවා නම් වැඩ පහසුයි...අනික අපේ කන්තාවන් වැඩ ගැන හිතන්නේ මහා පරිමානෙන් නේ...සරළව හිතුවොත් ඔය කියන ටික කරන්න එච්චර අමාරුවකුත් නෑ...හැබැයි ඉතිං දරුවොත් එක්කනම් සරළව උනත් වැඩ කරන එක ලේසි නැතුව ඇති තමයි
සමාජයේ දුවන දිවිල්ල නැවැත්තුවොත් පවුලේ දෙන්නම් වැඩකරන එකත් නවත්තන්න පුළුවන් නේද?
රත්නා,
අද අපිත් බ්ලොග් එකක් එළි දැක්වූවා!
ඒ වෙලාවේදී ඔබ ගැනත් ඔබගේ සහ බලංගොඩ නගර සභාවේ බ්ලොග් අඩවි ගැන දැන ගත්තා.
ඔබට අපේ සුභ පැතුම්!
Post a Comment