Tuesday, 18 November 2008

හුදකලාව

අතීතයෙ එක්ව අපි - ගෙවු ඒ සොදුර ලොව
අද නොමැත පේනනෙත් මානයක පෙනෙන්නට
සොයුරු සොයුරියන් ලෙස ස‍හෝදර පෙම් දමින්
නොදැනිම නිමවුනා කාටවත් නොකියාම

සිනා සී එක්ව අප කල කවටකම් එදා
මතකයේ ඇත තාම අමතකව නොයන ලෙස‍
ඔපිස් ආ විගස අපි එක්වෙලා සිනා සී
කාට හෝ විහිලුවක් කරමිනුයි වැඩ කලේ

නොදැනුනා පාලුවක් මෙන්ම දැඩි විඩාවක්
සැනසුනා සිත් අපේ මානුෂත් භාවයෙන්
සිහිකරමි නිරතුරුව ඒ මිතුරුදම් අපේ
සිහිනයක් පමණි අද තනිව ඇත මංපෙතේ....

1 comment:

SankaSoft Audio Video Productions said...

ප්‍රියයන් ගෙන් වෙන්වීම දුකකි. එදා අප සැම සමග සිටි සතුට දැන් කොහිද? සියල්ල අතීතයට හිමි විය‍. එනමුත් ඒ ‍සැරපරෂ මෘගයන් රැසකගෙන් බේරී අප කල කී දෑ ,විහිලු ආදි සියල්ල සදාකල් අප සැමගේ සිත් වල රැදී තිබෙනු නිසැකය. ඒ මතකය අපගෙන් ඉවත් කිරීමට කිසිවෙකුටත් නොහැකිය.