Sunday, 23 November 2008

මට පෙනෙන හැටි

දුටුවෙමි විෂකුරු සර්පයෙක්.. ඇදෙන හැටි ගුලකටඑනමුත් බිය නොවීය මසිත ඒ සැබැවින්ම සර්පයෙක්
බව දැනගත් නියාවෙන් මෙන්ම හානියක් සිදුනොවන බව හැගුන නිසා.

මද දුරක් ගියවිට දුටුවෙමි විශාල බල්ලෙක් . සිත සැලුනත් මගහරිමින් ගියෙමි උගෙන්.

සිනා පොකුරක් මුවදරාගෙන එන මිනිසෙකු මුන ගැසුනි එසැනින්. ඇතිවිය බියක් හා චකිතයක් මසිත නොදැනිම. සිතුවෙමි වෙනස කිමද කියා. මසිත තෙ‍රපෙන.

පසක් විය ක්ණයකින් තේරුම්ගත නොහැකි එකම පුද්ගලයා මිනිසා වන නිසාවෙන් මසිත බිය වු බව.

3 comments:

malee_msg said...

ඒකනම් සහතික ඇත්ත කථාව සත්තු හානියක් කරන්නේ අපෙන් වරදක් උනොත් විතරයි...මනුස්සයා... හපෝ ලගින් ගියොත් ඇහැක් නැති වර්ගයක්!

Kawshala Technologies said...

ඔය කියූ සියළුම දෙනාට වඩා තමන්ම අධ්‍යයනය කිරිම ඉත්මත් වැදගත් බවයි මගේ වැටහීම.......

ම.ම.ගි said...

සත්තු මන්ස්සයො කියලා වර්ග කරන්න බැහැ ඒවෙලාවෙ ඔව්න්ගෙ හිත ඇතුලෙ තියෙන මානසික තත්වෙ මත තමයි ඔව්න්ගෙ හැසිරීම තීරණය වෙන්නෙ. කොහොම වුනත් අපි අවධානයෙන් ඉන්නඕන ඕන දෙයනට එවරෙඩි වෙලා. එතකොට අපිට කාගෙන් වත් හානියක් වෙන්නෙ නැහැ....... හැබැයි පොඩිකාලෙ ඉඳලම සර්පයින්ට නම් මම බයයි. ඒක බයකටත් වැඩිය භීතිකාවක්ද මන්දා. ගැරඩියෙක් දැක්කත් පුදුම බයක් හිතට එන්නෙ.