
ජීවිතය පරදුවට තබමින්
මගේ මව්බිම බේරගන්නට
යුධ වදින රණ විරුවනේ
පුදන්නෙමි උපහාර ඔබහට....
අහිංසක දරු පවුල තනකර
සියඵ සැප සම්පත්ද අතහැර
රුදුරු සතුරන් සමග එකිනෙක
ගැටී පරදුවට පියමැන....
ජයකොඩිය ඔසවන්න හෙටදින
ඔබේ බලය ශක්තියද තෙද
වඩා හොබවා තවත් වෙර ගෙන
ජය පතමි අපි සැවොම අද දින
උදාරයි ඔබෙ මෙහෙය අගයමි
සදාතනිකයි අගයයන්නෙමි
ලැබේවා ශක්තියද ධෛර්යය
පතමි නිබදව ඔබව සිහිකර
1 comment:
මව්බිම වෙනුවෙන් සටන් වදින රණ විරුවන් ගැන පද පෙළක් ලිවීම අගය කරමි. නමුත් ඒ සදහා අප රට වෙනුවෙන් සටන් වදින ෙසාල්දාදුවෙකුගේ පින්තූරයක් ෙයාදා ගත්තා නම් ඊට වඩා හොදැයා කියා සිතමි.
Post a Comment