Sunday, 12 June 2011

සිතුවිල්ල...............


සිතට නැගෙනා නොයෙක් සිතුවිලි
ගගක් සේ ඔහෙ ගලා යන විට
තෙළිතුඩින් නෙක සහය දුන්නා
තව තවත් එය ඔප කරන්නට

දුකක් හෝ සතුටක් දැනුන තැන
කියා ගන්නට නොහැකි වූ විට
සහය දුන්නේ තෙළිතුඩයි මට
කවක් ලෙස එය නිම කරන්නට

පලිගන්න හෝ රිදවන්න සිත්
කිසිම විටකදි නොවී අවියක්
දයාබර ලෙස ගොතා කවියක්
සිතුවිල්ලකට දුනි නිමාවක්.

Thursday, 13 May 2010

සිතක මහිම

සිප් සතර ඉගෙන ගෙන
සරසවිය වෙත යන්න
මැවු සිහින මාලිගා
වියකිලා ගිහිල්ලා

අසහනය සිත වෙලා
ගතට පීඩා දැනී
කාලය ගෙවී යයි
ඉබිගමනෙ වේගයෙන්

සිතට හැගෙනා පරිදි
වියදමක් දරන්නට
අතේ නැත සතේ ඇගෙ
වි‍රැකියාවෙන් පෙලෙන

අසහනය වැඩිවෙලා
රැකියාවක් සොයා
ගිය ගමන වැරදිලා
නැවත පිය මං කලා

සිත රැදුනු කිසිදෙයක
ආසාව නිමා කොට
හෙට දවස ගෙවිමට
සිතට නැගුනේ ඇයට.........

Thursday, 18 March 2010

බොද වු පැතුම්

රතට රතේ එරබදු මල්
පිපී සුවද හමන අතරෙ
කොහෝ කොහෝ හඩ නගමින්
පවසයි අවුරුදු එන බව

අලුත් ඇදුම් අරගන්නට
කෑම බීම පිසගන්නට
වේලාසන වෙළද පොලට
පියනගන්න සිතුනා මට

වේතනයට අමතර දෙන‍
අත්තිකාරමය ගැන සිතමින්
කල් ඇරියා එය ගන්නට
බලාපොරොත්තුව තබමින්

නොසැලකිල්ල නිසාම දෝ
මගෙ නම නැත කොතනැකවත්
දුකක් සිතිනි හීන් හඩින්
හීල්ලුනා ම‍ට නොදැනිම

කිසිවෙකුටත් කිසිම දිනක
කර නැත්තෙමි වරදක් නම්
ඔබගෙ වගේමයි මගෙ සිත
ගලක් නොවෙයි කිසිම විටෙක

කරන්න හැකිනම් හැමවිට
සේවය පරගැතිව නිතර
රාජ්‍ය සේවය එය වේ
සිතට ගන්න නිතර සබද

අනුන්ගෙ සිත් රිදවන එක
අනුන්ට දොස් තියනා එක
හරිම කැතයි නිතර ඒක
සිතුවෝතින් හොදයි ඒක

Sunday, 14 February 2010

තුති පුදමි ඔබට.... මෙලෙස


පාලු හුදකලාවෙන්
ගෙවන යම් මොහොතකට
විරාමය තබන්නට හැකිවුනා
බ්ලොග් අඩවියෙන්‍
සිතට නැගෙන සිතුවිල්ලක්
අකුරුකර ලියන්නට
හුරුව දුන්නා නිබද
ගුරුතුමෙකු ලෙසින් ඔබ
වයසින් බාලමුත් ඔබ
නිබද ඇදුරෙකි මට
සදාකල් මතකයේ
තිබෙයි එය නිබදවම
ජය පතමි ඉත සිතින්
ඔබට මේ විලස මම.........

ආදරවන්තයින්ගේ දිනය




සොදුරු වු යොවුන් විය
ගෙවන මේ යොවුන් කැල
සමරන්න යොදා ඇත
වසරකට එක් දිනක්
සැබෑ ආදරයකට
කල හැකිද ඒ ලෙසට
හෙට දිනේ යොවුන් විය
පහව ගිය විටක ඔබ
තබයිනම් විරාමය
ලැබැදි ඒ සෙනෙහසට
සමරන්නෙ කෙලෙසකද
වැලන්ටයින්ගේ දිනය
කරුනු අවබෝධයෙන්
වැඩකලොත් සබද ඔබ
සමරන්න හැකිවේය
හැමදාම මේ දිනය

Saturday, 5 December 2009

සිත හැඩුවදා.....

ගිරවියක සේ නිබද - තොරතෝංචිය නැතුව
කියු ඒ වදන් වැල් - අපගෙ සිත් සැනසුවා

මුවපුරා නැගුන ඒ - සොදුරු වූ සිනාවන්
දෝංකාරය නගයි - පාලු බව දුරලමින්

එහෙත් ඒ සොදුරු ලොව - කඩා බිද දැමුව දා
හඩා වැටුනා මහද - දරාගෙන වේදනා

රෝහලේ ඇදේ සිට - වේදනා ඉවසගෙන
සිටි අයුරු දැක තවත් - හද පලා යනු දැණින

තනිව නම් කිසි දිනක - වෙන් නොයනු මැන දුවේ
මගේ ආයුත් රැගෙන - ජීවිතය ගනු දුවේ

නිබදවම පැතුව ඒ - අහිංසක පැතුම් පොදි
ඉටුකරල දුන්න ඔබ - රත්තරං මගෙ දුවේ...

Sunday, 19 July 2009

කුරිරු ඇයි මේ තරම්...............


කොයිතරම් කැපවෙලා
කලත් සේවය නිබද
කොහෙන් හෝ වැරැද්දක්
නැගෙයි දවසට වරක්

සිතට නැත සහනයක්
ගතට ඇත විඩාවක්
පෙනෙන තෙක් මානයක
නොමැත එහි නිමාවක්

කේලාම් වලට නෙක
ඇත්තේ මුල් පිටුව අද
නොකියනා අයට ඇත
පිටුවෙ අවසානයද

ගැටුම් ඇතිකරන්නට
කැමති අය ඇත බොහෝ
පීඩිතව ගෙවයි අද
රිදවමින් සිත බොහෝ

මොහොතකට විනෝදය
ලෙස සිතුව මුත් ඒක
පාපයක් වෙයි නිබද
නොසිතනා ලෙස නේක