Sunday, 14 February 2010

තුති පුදමි ඔබට.... මෙලෙස


පාලු හුදකලාවෙන්
ගෙවන යම් මොහොතකට
විරාමය තබන්නට හැකිවුනා
බ්ලොග් අඩවියෙන්‍
සිතට නැගෙන සිතුවිල්ලක්
අකුරුකර ලියන්නට
හුරුව දුන්නා නිබද
ගුරුතුමෙකු ලෙසින් ඔබ
වයසින් බාලමුත් ඔබ
නිබද ඇදුරෙකි මට
සදාකල් මතකයේ
තිබෙයි එය නිබදවම
ජය පතමි ඉත සිතින්
ඔබට මේ විලස මම.........

2 comments:

Sandun Dasanayake said...

අක්කේ අද තමා මම ඔයාගේ බ්ලොග් එකට මුලින්ම ආවේ. බොහොම ලස්සනයි කවි ටික. දිගටම ලියන්න. අපි එනවා කවි බලන්න.

SankaSoft Audio Video Productions said...

බොහොම ස්තුතියි ඔබ‍ට..
කලගුණ නොදන්නා අදුරු සිත් ඇති
මිනිසුන් තුල ඔබ දිලෙනා පහණකි..
ඔබට ජය ශ්‍රී...
තව තවත් ලියන්න ඔබට ශක්තිය ලැබේවා..