Thursday, 18 March 2010

බොද වු පැතුම්

රතට රතේ එරබදු මල්
පිපී සුවද හමන අතරෙ
කොහෝ කොහෝ හඩ නගමින්
පවසයි අවුරුදු එන බව

අලුත් ඇදුම් අරගන්නට
කෑම බීම පිසගන්නට
වේලාසන වෙළද පොලට
පියනගන්න සිතුනා මට

වේතනයට අමතර දෙන‍
අත්තිකාරමය ගැන සිතමින්
කල් ඇරියා එය ගන්නට
බලාපොරොත්තුව තබමින්

නොසැලකිල්ල නිසාම දෝ
මගෙ නම නැත කොතනැකවත්
දුකක් සිතිනි හීන් හඩින්
හීල්ලුනා ම‍ට නොදැනිම

කිසිවෙකුටත් කිසිම දිනක
කර නැත්තෙමි වරදක් නම්
ඔබගෙ වගේමයි මගෙ සිත
ගලක් නොවෙයි කිසිම විටෙක

කරන්න හැකිනම් හැමවිට
සේවය පරගැතිව නිතර
රාජ්‍ය සේවය එය වේ
සිතට ගන්න නිතර සබද

අනුන්ගෙ සිත් රිදවන එක
අනුන්ට දොස් තියනා එක
හරිම කැතයි නිතර ඒක
සිතුවෝතින් හොදයි ඒක

1 comment:

Dinusha said...

නියමයි රත්නා අක්කේ ඔයාගේ කවිය... ඒ කියලා තියෙන දේවල් ඇත්ත... නියමයි