Saturday, 5 December 2009

සිත හැඩුවදා.....

ගිරවියක සේ නිබද - තොරතෝංචිය නැතුව
කියු ඒ වදන් වැල් - අපගෙ සිත් සැනසුවා

මුවපුරා නැගුන ඒ - සොදුරු වූ සිනාවන්
දෝංකාරය නගයි - පාලු බව දුරලමින්

එහෙත් ඒ සොදුරු ලොව - කඩා බිද දැමුව දා
හඩා වැටුනා මහද - දරාගෙන වේදනා

රෝහලේ ඇදේ සිට - වේදනා ඉවසගෙන
සිටි අයුරු දැක තවත් - හද පලා යනු දැණින

තනිව නම් කිසි දිනක - වෙන් නොයනු මැන දුවේ
මගේ ආයුත් රැගෙන - ජීවිතය ගනු දුවේ

නිබදවම පැතුව ඒ - අහිංසක පැතුම් පොදි
ඉටුකරල දුන්න ඔබ - රත්තරං මගෙ දුවේ...

4 comments:

Dasun Wanaguru said...

ලස්සනයි අක්කේ.....
ලස්සන චූටී කෙල්ලෙක් ජීවිතේට කොච්චර වටිනවද...
සුභ පැතුම්.....

බිඟූ said...

ඔව් ඔව්...
අම්මට දුව/පුතා තරම් වටිනා දෙයක් නැහැල්ලුනේ....

/බිඟුවා...!

Dinusha said...

රුදුරු වේදනාවන් හමුවේ..
කඳුළු බිඳුවකදු නොසැලූ
ලෝකයක දිරිය ඇති...
පින්පිරුණු දියණියක්
දුටිමි එක් දිනෙක
රෝහලක ඇඳක් මත...

Dinusha said...
This comment has been removed by the author.