Sunday, 3 May 2009

අපි නියම බෞද්ධයෝ වෙමුද

ලංකාවේ උසම බුදුපිළිමය මෙය වේ....
ලංකාවේ විශාලතම සැතපෙන බුදු පිළිමය මෙය වේ ....
ලංකාවේ විශාලතම සමාධි පිළිමය මෙය වේ....
ලංකාවේ උසම හිටිපිළිමය මෙය වේ....


මේ නමින් විවිධ අර්ථකතනයන් දෙමින් තමන් වැඩ වසන පංසල වැඩි දියුණු කර ගැනීමේ පරම චේතනාවෙන් බුදු පිළිම නිර්මාණය කර තිබේ. එක් අතකින් මෙය හොද දෙයක් වන අතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව නිවැරදි දැයි නිගමනය කල නොහැක. ලොකු වුවත් පොඩි වුවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය එකහා සමානව හැම දෙනාටම දේශනා කර ඇත. එකම දේහ ලක්ෂණයන්ගෙන් යුත් බුදුරජාණන් වහන්සේ වර්තමානයේ මෙසේ වර්ග කරන්නේ ඇයිදැයි මටනම් නොවැටහේ. සමහර වෙලාවට ගමේ පංසලේ තිබෙන පොඩි බුදුපිළිමය දකිනවාට වඩා අල්ලපු නගරයේ පංසලේ ඇති විශාලතම බුදු පිළිමය බැලිමට බෞද්ධයන් වන අපි පෙළබෙන්නෙමු.ස්වභාවය එයයි. මෙයින් මුලාවන්නේ අපිමයි නේද.....

1 comment:

said...

ධර්මයට වඩා හිත යොමු කරන්නේ බාහිර දේවල් වලට