Sunday, 12 July 2009

නොනිමි සෙනෙහස


දස මසක්කුස දරා - දිවා රැ නිදි වරා
දහසකුත් පැතුම් මැද - දරුවන්ව දැඩි කලා
ශිල්ප දී ඔවුන් ඇය - යහමගට ගෙන ගියා
ඒ නමුත් ඇයව අද - මහ මගෙහි තනිඋනා

රටෙහි පිළිගන්න හොද - නෝනා මහතුන් වෙලා
දිනක් ඇය මහ මගෙහි - අතරමං කර ගියා
එදසුනෙන් හද සසල වූ- මගෙහි සුදනුන්ව
සැලකුවා නොඅඩුවම - ඇයට හැම දෙයකින්ම

දිනක් ඇය සදහමටම - ඔවුන්ගෙන් වෙන්වුනා
සියළු යුතුකම් ඔවුන් - නොඅඩුවම සිදු කලා
මිතුරු කැල එකතුවී - අවමගුලේ වැඩ කලා
ඇ‍යගෙ අවසන් ගමන - ඉහලින්ම සිදුකලා

තම කුසින් බිහි කරපු- දරුවන්ව නොසිටියත්
නොදරුවන් අද දිනේ- පිහිටවිය එක ලෙසින්
පෙවූ කිරි කදුලකට වත්- වන්දි නොගෙවුමුත්
විදින්නට සිදු වේවි - යම් දිනක ඒ නමුත්

1 comment:

Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා said...

මේ සිද්ධියෙන් මමත් හරියට කම්පා වුණා. මෙහෙම දේවල් හිතාගන්නවත් බෑ. මොන ප්‍රශ්නයක් තිබ්බත් දරුවන්ට මේ වගේ දේවල් කරන්න පුළුවන් ද? මේ තරම්ම අමානුෂික වෙන්න පුළුවන් ද? දරුවො 4 දෙනෙක් වැදුව, හැදුව අම්ම කෙනෙක් අවසන් ගමන් ගිහින් තිබුණේ, උදේ ඉඳලා රෑ වෙනකල් බණ අහන රටේ... හැදියාව ගැන, සදාචාරය ගැන, ගුණයහපත්කම් ගැන කතා කරන රටේ, මේ වගේ ශෝචනීය විදිහට...