Saturday, 11 April 2009

ආවා සිංහල අලුත් අවුරුදු


එරබදු මල් රතට පිපී ඈත දිලෙනවා
කොහාගෙ හඩ ඒ අතරින් විහිදී යනවා
පුංචි සිතට සතුට දැනී ළමයි නටනවා
නැවුම් බවින් පරිසරයම එකලු කරනවා

ඔංචිලි චිලි චිල්ල මලේ ඔන් චිල්ලා වේ
ඔංචිලි වාරම් කියමින් සතුටු උනා වේ
රබන් ප‍දේ තාලයටම නටන රගාවේ
වැඩිහිටි සැමදෙන අද දින සතුටු උනාවේ

මුං අලුවා කැවුම් කොකිස් සුවද හමනවා
ගේ දොර පිරිසිදු කරගෙන සැවොම සිටිනවා
අලුත් ඇදුම් ඇද ගන්නට සිත නලියනවා
නෑගම් ගොස් පරණ තරහ නිවා ගන්නවා

අපි සතුටින් සැමරූවත් අද අවුරුද්ද
උතුරේ ඇත යුධ පිටියේ කරමින් යුද්ද
ඒ අය සිටිනා හින්දයි නොමබිය වැ ද්ද
සමරන්නට හැකි වුනෙ සිංහල අවුරුද්ද

රතිඤ්ඤ හඩ අසෙනා විට හදවත රිදවන්නේ
රණවිරු පවුලේ අයහට එය වද දෙන්නේ
සාමය පතුරා ලොවටම සතුට ගෙනෙන්නේ
යුද්ධය අහවර වු දා අවුරුදු කන්නේ

1 comment:

පොතේ ගුරා said...

එළ! සින්ඩියත් දැන් අවුරුදු සිරි අරන්.. :)