Sunday, 14 February 2010

තුති පුදමි ඔබට.... මෙලෙස


පාලු හුදකලාවෙන්
ගෙවන යම් මොහොතකට
විරාමය තබන්නට හැකිවුනා
බ්ලොග් අඩවියෙන්‍
සිතට නැගෙන සිතුවිල්ලක්
අකුරුකර ලියන්නට
හුරුව දුන්නා නිබද
ගුරුතුමෙකු ලෙසින් ඔබ
වයසින් බාලමුත් ඔබ
නිබද ඇදුරෙකි මට
සදාකල් මතකයේ
තිබෙයි එය නිබදවම
ජය පතමි ඉත සිතින්
ඔබට මේ විලස මම.........

ආදරවන්තයින්ගේ දිනය




සොදුරු වු යොවුන් විය
ගෙවන මේ යොවුන් කැල
සමරන්න යොදා ඇත
වසරකට එක් දිනක්
සැබෑ ආදරයකට
කල හැකිද ඒ ලෙසට
හෙට දිනේ යොවුන් විය
පහව ගිය විටක ඔබ
තබයිනම් විරාමය
ලැබැදි ඒ සෙනෙහසට
සමරන්නෙ කෙලෙසකද
වැලන්ටයින්ගේ දිනය
කරුනු අවබෝධයෙන්
වැඩකලොත් සබද ඔබ
සමරන්න හැකිවේය
හැමදාම මේ දිනය