
නිමා වුනි එක් දිනෙක - පෙර කලදි කල පවට
බිත්ති හතරට මැදිව - දඩුවමක් විලස අද
ගෙවනුයේ දුව සමග - මව විසින් කල වරද
ගෙමිදුලේ වෙල් එළියෙ - ඔට්ටුවට දිවු කාලෙ
බලයි මග රිදෙන තෙක් - අහිංසක නෙත් ඈගෙ
පොත් මිටිය තුරුලු කර - පාසලට යන කාලෙ
උදාවේවිද යලිත් - සොදුරු සමනල් කාලෙ
වමගෙ දඩුවම් කාලෙ - අවසාන වෙන්න තව
සිව් වසරක්ම ඇත - සිටින්නට මැදිරියේ
ඇය සමග එකතුවී - සෝකදුලු කැට සමග
ගෙවාලනු මැන දියණි - එහි වරද ඔබෙ නොවේ...
No comments:
Post a Comment