Sunday, 18 January 2009

සිරිත් විරිත්


සිරිත් විරිත් යනු කල යුතු දේ හා නොකල යුතු දේයි. එක් එක් අවස්ථාවට ගැලපෙන අන්දමින් අප විසින් කලයුතු දේ හා නොකල යුතු දේ ගැන පැහැදිලි අවබෝධයක් ලබාගත යුතු වේ . ‍එසේ නොවුන හොත් සමාජයෙන් නොයෙකුත් ගැටුම් හා ගැටලු වලට මුහුණ පෑමට අපට
සිදුවේ‍.

පසුගිය දිනක ම‍ම හිතවත් අයෙකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වුනෙමි. මනාල මහත්මිය හා මනාල මහත්මයා උගත් යුවලකි. මනාල මහත්මිය සමාජයෙන් තුරන් වී යන සිංහල සිරිත් විරිත් ‍හොදට අදහන කෙනෙකි. ඇයගේ නොයෙකුත් ක්‍රියාවලින් එය අපට දැක ගන්නට ලැබුනි . ඇයගේ පියාත් හෙළ සිරිත් විරිත් අකුරට පිළිපදින ආගමට දහමට ලැදි වැදගත් ලෙස ජීවිතය ගෙනයන අයෙකි. ඔහුගේ අදහසට අනුව තම දියණියගේ විවාහ මංගල උත්සවය ඉතාමත් චාම් අන්දමින් එහෙත් චාරිත්‍රානුකූලව සිදුකිරීම එකම අධිෂ්ඨානය විය. ඒ අයුරින් සියඵ කටයුතු සිදුකර හෝම් කමින් නොහොත් දෙවෙනි දින මනාලයාගේ ගෙදරට කැදවාගෙන යාම සිදුවිය. එය උත්කර්ෂවත් අන්දමින් සිදුවිය. මනාල මහතාගේ මිතුරු පිරිස් ඔහුගේ පාර්ෂවයෙන් වැඩකටයුතු සිදුකර තිබුණි. ඒ අතරමග එම ගමෙහි සිදුකෙරෙන සිරිතක් වශයෙන් රැග් එක දීමට කටයුතු සූදානම් කර තිබුණි. මේ ගැන කලින් මනාල මහත්මිය‍ගේ පියාට කණවැටුණි. එය ඔහුට දරාගත නොහැකි තත්වයක් බවට පත්විය. දිවා ආහාරයවත් නොගෙන දුකසේ ඔහු හෝට‍ලයේ දිවා කාලය ගත කලේ මේ ගැන කල්පනා කරමිනි. ඔහුගේ සිත වෙනස් කිරීමට කිසිවෙකුට නොහැකි විය. මගේ දරුවා අවුරුදු 30ක් වනතෙක් කාගෙන්වත් කරදරයක් නැතිව හොදින් පතිණියක් වනතෙක් බලාගතිමි. තව මොහොතකින් මනාල පාර්ශවයට ඇය බාරදීම පමණක් සිදුකිරීමට ඔහුගේ අරමුණ විය. රැග් එකෙන් තම දරුවා බේරා ගැනීමට ගත හැකි පියවර ගැන ඔහු තනි වම කල්පනා කලේය. කිසිවෙකුට තම සිතෙගියාවන් හෙළි නොකලේය. මනාල මහතාගේ නිවසට ආසන්න වන විටම රතිඤ්ඤා වැලක් පත්තු කරන හඩන ඇසුනි. ඒ සමගම බෙර ගසන හඩත් ඇසුනි. සියඵ දෙනාම වාහනයෙන් බැස පෙරමගට බැස ගත්තේය. සිදුවෙන්නට ගොස් ඇත්තේ භයානක තත්වයකි. අප ගිය වාහනවලට තව මොහොතකින් හානි සිදුවන්නට ඉඩ තිබුණි. මනාල මහත්මියගේ පියා තම දියණිය රැග් එකෙන් බේරා ගැනීම පිණිස බුලත් අතක් දී කරුණාකර අපේ දියණිය මනාල මහතාගේ නිවසට බාරදෙන තෙක් මේ කටයුතු සිදුනොකරන මෙන් ආයාචනය කර සිටියේය. එහෙත් එය පිළිනොගත් එම තරුණ පිරිස පරුෂ වචනයෙන් බැන වදිමින් මත්පැන් කේස් එකක්ම බිම‍ට හෙලීය. මේ ක්‍රියාව දුටු මනාල මහත්මියගේ පැත්තේ තරුණයෙක් සණ්ඩුවකට පැටලෙන්නට ගොස් යන්තම් බේරා ගත්තේය.සතුටින් දින දෙකක්ම මගුල් කෑ පිරිස එම මොහොතේ සිදු වු කම්පනය හේතුවෙන් ඉතාමත් කණගාටුවෙන් අවසාන රංගනය නොහොත් මනාල මහත්මිය මනාල මහතාගේ පාර්ශවයට භාරදී දෑවැද්දට ගෙනගිය බඩු බාහිරාදියත් භාරදි ආපසු පැමිණියේය. මේ හේතුවෙන් මනාල මහතාගේ යහලුවන් ඔහුත් සමග අමනාපව වාහනවල නැගී ගේ ලගින් කෑගසමින් ගමන් ක‍ලේය. මනාල මහත්මිය ඉතාමත් දුකින් මේ ගැන කල්පනා කරමින් සිටියාය. ඇයට සතුටු වීමට තිබු අවස්ථාව මේ කරුණ නිසා මගහැරී ගියේය.

අප නොසිතුවාට පවුල් දිවිය කඩාකප්පල් වීමට පවා මෙවැනි කරුනු බලපාන අවස්ථා ති‍බේ. මේ නිසා යමක් කරන විට ඉතාමත් දුරදිග බලා කල යුතු වේ.මම මේවැනි ලොකු විස්තරයක් ලියුවේ අපිත් සමහර වෙලාවට විනෝදය පතා තැන නොතැන බලා නොයෙක් ක්‍රියාවන් සිදුකරනව. වැඩිහිටියන් සමග යම් කටයුත්තක් කිරීමේදී ඉතාමත් ප්‍රවේශමෙන් ක්‍රියා කලයුතු බව අපි වටහා ගත යුතුවේ. සිරිත් විරිත් ගරු කරන ඉහමුදුනින් පිළිපදින අයත් සමග වැඩ කිරිමේදී ඔවුන්ට මුලිකත්වය දී ක්‍රියා කිරීමට සිදුවේ. නමුත් මෙවන් දියුණු කාලයක අපට තරුණ පිරිසගේ විනෝදය පතා කරන ක්‍රියාවන්ටත් අවස්ථාව දීම සිදුවේ. සිරිත් විරිත් තෝරා ‍බේරා ගෙන එක් එක් ස්ථානයන්ට ගැලපෙන අයුරින් ක්‍රියා කිරිම වඩාත් උචිත බව මට හැගේ.

2 comments:

Anonymous said...

රැග් කිරීම දැන් මෝස්තරේට ගිහිල්ලනේ. දැන්නම් හුඟක් අඩුවෙලා තියෙන්නේ. සමහරුන්ට නම් දිට්ඨධම්මවේදනීය කර්මය පලදෙනවා. එහෙම අවස්ථා මම නම් දැකලා තියෙනවා. මොනව උනත් ජීවිතේ ලස්සනම දවස එපා කරපුම දවස වෙන එක තමා දුක.

Narada said...

මේ සිද්දිය නම් මම අනුමත කරන්නේ නෑ අක්කේ. මම මනමාලිගේ පැත්තේයි. අපේකම ගැන ගරු කරන අපේම මිනිස්සු. රැග් කරන්නේ සුද්දාගේ මානත්වය තියෙන අයනේ, අපේ උසස් කියලා කියන ගොඩාක් අය ඔය මොඩ වැඩේමනේ කරන්නේ!