
කල වරද පිළි නොගෙන
වැරදි කල නිසාවෙන්
තැලුවෙමි කෝටුවෙන්...
පුංචි සිත රිදවිලා
හඩාවැටෙමින් එසද
රෝස කම්මුල් දිගේ
බේරුනා කදුලු බිදු.............
සිතට ආ වේගයන්
පාලනය කිරීමට
අපොහොසත් වු මසිත
සලිත විය මොහොතකට............
පහර දුන්නත් මෙසේ
යහමගට ගන්න ඔබ
දඩුවමක් දුන් නමුත්
සමාදෙනු පුතණුවනි ....
2 comments:
ලොකු මහත් වි වැරදි කොට සමාජයෙන් අපවාද ඇසුමට වඩා.....
පුංචි කල පහරක් කා හඩා වැලපී නිවැරදි මිනිසෙකු වෙයන් පුතේ!
හැම අම්මා කෙනෙක්ම හිතන්නේ ඔහොම තමයි මම හිතන්නේ...
Post a Comment