ශිල්ප ඉගෙනුම පිණිස විදු පියස වෙතට යන
එයින් නික් මුන විගස උපකාර පංති යන
අදුර සමගින්ම ඔබ නිවෙස වෙත පිය නගන
දුවේ මගෙ සිත පෙළයි නුඹ දරන වෙහෙස දැන
දෙමාපිය ඇසුරෙනුත් ඈත්වී සිටින විට
සිතට වදයක් වේද තනියෙන්ම සිටින විට
සැනසුමක් සහනයක් සොයා පියනගන විට
සිත චකිතයෙන් පෙලයි අනතුරක් වෙයි එවිට
හදාරා ශිල්ප අද දුක් කදුලු මැද දුවේ
හොද තැනට යන පාර කියාදෙමි හැම වෙලේ
වල්මත් නොවි ඔබ කිසි විටෙක හෙට දිනේ
නින්ද පලවා හැරල අහරින්න මගෙ දුවේ............
Subscribe to:
Post Comments (Atom)
14 comments:
ඔබේ හැඟීම්, ඔබේ සිහින, ඔබේ බලාපොරොත්තු මෙයට අවුරුදු ගනනකට පෙර ඔය විදියටම විඳ දරා ඇති හෙයින්, මගේ පැතුම් ඉටු වූවා සේම ඔබේ පැතුම්ද ඉටුවේවා මම පතන්නෙමි.
තෙරුවන් සරණයි
අනේ පව්.
අම්මේ ඔබෙ පොදි ගැසූ සිහිනයන්
සිත තුලම රැදුනු බවනම්
කිසිදා අමතක නොකරන්නම්
ඒත් දැන් නිදිමතයි, දවසම වෙහෙසීමෙන්
ඕනෑම දෙයක්, ඕනෑවට වඩා, ඕනෑම නැත !
ශ්‍රී ලංකාව තුල "අධ්‍යාපනය" ලෙස හඳුන්වන දෙය සම්බන්ධවද එය අදාළ වේ.
ඉගෙන ගත යුත්තේ ඉගනගන්නාට අවශ්‍ය හෙවත් ප්‍රයෝජනයක් ලැබිය හැකි දේය. නමුත් පවතින පහසුකම් අනුව එසේ කළ හැකි පරිසරයක් නොමැත. එබැවින් අප උගනින්නේ තවත් අයෙකුට අවැසි දේ මිස අපට අවැසි දේ නොවේ. එවන් තත්වයක් යටතේ ඉගනීම යැයි අප කරනා දෙය මනස පිළිනොගනී. ඉදින්, නිදනවා හැර වෙන කුමක් කරන්නද ?
මේ නංගිව අවදි කර පොඩ්ඩක් විමසන්න ඇය නිදාගත්තාද කියා. පිළිතුර වන්නේ නැත යන්නයි. බාහිර බලවේග - දෙමව්පියන්, පාසල සහ වෙනත් - ඇයට කියන්නේ "ඉගන ගන්න ! ඉගන ගන්න !! ඉගන ගන්න !!!" යන්න පමණී. ඉදින් ඇයද බලයෙන් ස්වකීය උවමනා පසෙක දමා "ඉගනගන්න" තැත් කළත්, ඇයගේ මනසම ඊට හරස්වෙයි. ඒ, ඇය උගනින්නේ ඇයට අවැසි දේ නොවන බැවිනි. එහෙත් ඇය නිදාගත්බව ඇය නොදනී. උගන්වන්නාද, ඉගනගන්නාද දැඩි මුලාවකය.
කවුරුහරි ඇගෙන් අහන්න "ඔයාට මොනවද ඉගනගන්න ඕනෑ ?" කියල. ඇයට අවැසි දේ කියාදෙන්න. අන්න එවිට, උගන්වන්නා නිදාගත්තත් ඇය ඊට ඉඩ නොදේවි.
ඉල්ලුමට සැපයුම නැති අධ්‍යාපන ලෝකයේ, කිසිදිනක ඉල්ලුම කුමක්දැයි ලබන්නන්ගෙන් විමසන්නේ නැත. ලබන්නාට ලැබෙන්නේ, ලබාදෙන්නාට අවැසි දේ මිස, ලබන්නාට ලැබීමට අවැසිදේ නොවේ. සැපයුමට ඉල්ලුමක් කෘත්‍රිමව සදනු මිස,ඉල්ලුම පිළිබඳව සතේකට ගණන් නොගනි.
මේ ලිවුවේ ලංකාවේ රජයේ විෂය නිර්දේශය "ඉගෙනගන්නා" මගේ අත්දැකීම් වලිනුයි.
දැන්නම් නිදිමතයි මටත්. ඒත් මේ පිංතූරය දැක්කවිට ලියන්න හිතුනා පොඩි සටහනක්.
මමත් නින්දට හරිම ආසයි. (අපේ තාත්තත් එක්ක මට තරහ යන එකම දේ උදේට මාව අවදි කරන එක). ඒත් අපේ පාසලේ නම් කිසිම කෙනෙක් පාසලේදී නිදාගන්නේ නැති බවට විශ්වාසයි. අපි පාසලේ ඉන්නේ ඒ තරම් ආසාවෙන්. (අද මගේ දිනපොතේ සටහනත් බලන්නකො)
@ දුව විදූෂි, නිදිමතත්, තාත්ත එක්ක තරහ ගියත්, ඉස්කෝලෙ මොන අමාරුකම් තිබුනත් පාසැල් ජීවිතේ ඉවර වුනු දවසට ඔබට දැනෙයි " ඒ ගෙවී ගියේ මොන තරම් සුන්දර ජීවිතයක්ද කියල....ඒක ආයෙත් කවදාවත් එන්නෙත් නෑ කියල"
දුව දොස්තර කෙනෙක් කරන්න.... හැම අම්මම ඔහොම තමා ඇයි අපේ අම්මලාට බැරි තමුන්ගෙ දුවව නාට්යකරියක් කරන්න සිනමාවේදියෙක් කරන්න සාහිත්‍යකාරියක් කරන්න... මට කියන්න පුලුවන්... ඒත් වැඩේ කොච්චර ප්‍රායෝගිකද... දැන් එන අලුත් රැල්ල නම් සතුටුදායක නෑ..සාහිත්‍යකරුවෝ කොහද හැංගිලා ගායකයො වෙනවට වෙස් මූනු අස්සේ හැංගුනු රූකඩයෝ ටිකක් එලියට පැනලා... සල්ලි නැත්නම් කවියක් වත් ලියන්න බෑ...... හොඳ වෙලාවට බ්ලොග් කරුවෝ බොහොමයක් අපේ කුලයේ... එකම සතුට එච්චරයි ..............
ඔන්න මලීගෙ වැඩේ මම බාරගත්තා.... රත්නා අක්කේ මේ word varification එක අයින් කරනවද....?
නිදිමතද මගෙ දුවේ
වන පොත් කරන්නට වූ නිසා නොව
අනාථ කඳවුර අවට සරන
විසකුරු සතා සරුපයා ගැන වූ බිය නිසාම
නිදි වරනා මගෙ දුවේ
හෝම් වර්ක් වෙනුවෙන් නොව
රැගෙන ගිය තාත්තා ගැන ඇඩූ කඳුලින්
නිදි නැතිව රැය ගෙවනා මගෙ දුවේ
විභාගය නිසා බියෙන් නොව
බැට දෙන සුළගෙන් වැස්සෙන් හෙවනක් නැති නිසා
නිදියගත නොහැකිව රැය පහන් කරනා දුවේ
අකුරු කරන්නට වූ නිසා නොව
උඩින් පියාඹන කෆීර් නිසා
නිදි මරන්නට උරුම වු මගෙ දුවේ
දෙමාපිය රැකවරණය මැද
සුරක්ෂිත කුටුම්භයක
මෙසේ අකුරු කරමින් නිදිමරන්නට
උදාවෙන හෙට දවසේවත් ඉඩ ලැබේවා
උඹට මගෙ දුවේ
ෂෝක්... ළමයි පාඩම් කරන විදිය...
එක අතකට පුදුමයක් නැහැ...
ගිරව් රෑනක් වෙලා විභාග පාස් කරාම ලැබෙන පඩිපන සොරුන්ගෙන් බේරා ගන්න රෑට නිදි මරන්නත් හොද පුහුණුවක්....
හැබැයි ඔන්න මම නිදා ගැනීමටම උපන්නෙමි... කියන්නැතුව... හොදේ!
මගේ දුවේ, මා ඔබව (නිවැරදි වෙිලාවට) අවදි කරන්නේ දොස්තරවරියක් කිරීමට නොවේ. වෙස්මුහුණු කාරියක් කිරීමට නොවේ. ඉංජිනේරැවරියෙක්, නිතිඥ්ඥවරියක්, ගුරුවරියක්, ... ආදී ඔය ජනප්‍රිය රැකියා ලේඛණයේ ස්ථානයක් ලබා දීමට නොවේ. මා ඔබව අවදි කරන්නේ හොද ගැහැනියක් කිරීමටයි. මාගේ සිහිනය එයයි. මා සමග අමනාප නොවී, නිවැරදි වේලාවට අවදි වෙයන් මාගේ දුවේ.
- විදුෂිගේ තාත්තා.
බන්දුල මහත්මයා, පියෙක් හැටියට ඔබ සමග මම සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා. ඔබේ පවුලට තෙරුවන් සරණයි.
පියේ ඔබ අද ඉන්න ඉහල තැන
කටුමැටිගෑ මන්දිරේ සිට දරපු තැත වැජබෙන්න
දැරු වෙර පරදමින් සාගින්න
මතකයි ඔබ කියාදුන්නු යුරු පෙර දින
ඒ මග යන්න වෙන වෙහෙස වෙහෙසක්ම නොව සතුටක්ය
මා පිය සටහන් තිබේවි කදුලු මත ඒ මගේ ඔබගිය
වෙන කිසිවෙකුත් නොව ඔබමයි පියේ මගේ සැනසුම සහනය
ඒ මගයි එකම මග ගෙවන්නට ඔබේ ණය
Post a Comment