Sunday, 19 July 2009

කුරිරු ඇයි මේ තරම්...............


කොයිතරම් කැපවෙලා
කලත් සේවය නිබද
කොහෙන් හෝ වැරැද්දක්
නැගෙයි දවසට වරක්

සිතට නැත සහනයක්
ගතට ඇත විඩාවක්
පෙනෙන තෙක් මානයක
නොමැත එහි නිමාවක්

කේලාම් වලට නෙක
ඇත්තේ මුල් පිටුව අද
නොකියනා අයට ඇත
පිටුවෙ අවසානයද

ගැටුම් ඇතිකරන්නට
කැමති අය ඇත බොහෝ
පීඩිතව ගෙවයි අද
රිදවමින් සිත බොහෝ

මොහොතකට විනෝදය
ලෙස සිතුව මුත් ඒක
පාපයක් වෙයි නිබද
නොසිතනා ලෙස නේක

1 comment:

Dinusha said...

ඒක නම් හරියටම හරි අක්කේ.....