ගිරවියක සේ නිබද - තොරතෝංචිය නැතුව
කියු ඒ වදන් වැල් - අපගෙ සිත් සැනසුවා
මුවපුරා නැගුන ඒ - සොදුරු වූ සිනාවන්
දෝංකාරය නගයි - පාලු බව දුරලමින්
එහෙත් ඒ සොදුරු ලොව - කඩා බිද දැමුව දා
හඩා වැටුනා මහද - දරාගෙන වේදනා
රෝහලේ ඇදේ සිට - වේදනා ඉවසගෙන
සිටි අයුරු දැක තවත් - හද පලා යනු දැණින
තනිව නම් කිසි දිනක - වෙන් නොයනු මැන දුවේ
මගේ ආයුත් රැගෙන - ජීවිතය ගනු දුවේ
නිබදවම පැතුව ඒ - අහිංසක පැතුම් පොදි
ඉටුකරල දුන්න ඔබ - රත්තරං මගෙ දුවේ...
Saturday, 5 December 2009
Sunday, 19 July 2009
කුරිරු ඇයි මේ තරම්...............

කොයිතරම් කැපවෙලා
කලත් සේවය නිබද
කොහෙන් හෝ වැරැද්දක්
නැගෙයි දවසට වරක්
සිතට නැත සහනයක්
ගතට ඇත විඩාවක්
පෙනෙන තෙක් මානයක
නොමැත එහි නිමාවක්
කේලාම් වලට නෙක
ඇත්තේ මුල් පිටුව අද
නොකියනා අයට ඇත
පිටුවෙ අවසානයද
ගැටුම් ඇතිකරන්නට
කැමති අය ඇත බොහෝ
පීඩිතව ගෙවයි අද
රිදවමින් සිත බොහෝ
මොහොතකට විනෝදය
ලෙස සිතුව මුත් ඒක
පාපයක් වෙයි නිබද
නොසිතනා ලෙස නේක
Sunday, 12 July 2009
නොනිමි සෙනෙහස

දස මසක්කුස දරා - දිවා රැ නිදි වරා
දහසකුත් පැතුම් මැද - දරුවන්ව දැඩි කලා
ශිල්ප දී ඔවුන් ඇය - යහමගට ගෙන ගියා
ඒ නමුත් ඇයව අද - මහ මගෙහි තනිඋනා
රටෙහි පිළිගන්න හොද - නෝනා මහතුන් වෙලා
දිනක් ඇය මහ මගෙහි - අතරමං කර ගියා
එදසුනෙන් හද සසල වූ- මගෙහි සුදනුන්ව
සැලකුවා නොඅඩුවම - ඇයට හැම දෙයකින්ම
දිනක් ඇය සදහමටම - ඔවුන්ගෙන් වෙන්වුනා
සියළු යුතුකම් ඔවුන් - නොඅඩුවම සිදු කලා
මිතුරු කැල එකතුවී - අවමගුලේ වැඩ කලා
ඇයගෙ අවසන් ගමන - ඉහලින්ම සිදුකලා
තම කුසින් බිහි කරපු- දරුවන්ව නොසිටියත්
නොදරුවන් අද දිනේ- පිහිටවිය එක ලෙසින්
පෙවූ කිරි කදුලකට වත්- වන්දි නොගෙවුමුත්
විදින්නට සිදු වේවි - යම් දිනක ඒ නමුත්
Sunday, 3 May 2009
අපි නියම බෞද්ධයෝ වෙමුද
ලංකාවේ උසම බුදුපිළිමය මෙය වේ....
ලංකාවේ විශාලතම සැතපෙන බුදු පිළිමය මෙය වේ ....
ලංකාවේ විශාලතම සමාධි පිළිමය මෙය වේ....
ලංකාවේ උසම හිටිපිළිමය මෙය වේ....
මේ නමින් විවිධ අර්ථකතනයන් දෙමින් තමන් වැඩ වසන පංසල වැඩි දියුණු කර ගැනීමේ පරම චේතනාවෙන් බුදු පිළිම නිර්මාණය කර තිබේ. එක් අතකින් මෙය හොද දෙයක් වන අතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව නිවැරදි දැයි නිගමනය කල නොහැක. ලොකු වුවත් පොඩි වුවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය එකහා සමානව හැම දෙනාටම දේශනා කර ඇත. එකම දේහ ලක්ෂණයන්ගෙන් යුත් බුදුරජාණන් වහන්සේ වර්තමානයේ මෙසේ වර්ග කරන්නේ ඇයිදැයි මටනම් නොවැටහේ. සමහර වෙලාවට ගමේ පංසලේ තිබෙන පොඩි බුදුපිළිමය දකිනවාට වඩා අල්ලපු නගරයේ පංසලේ ඇති විශාලතම බුදු පිළිමය බැලිමට බෞද්ධයන් වන අපි පෙළබෙන්නෙමු.ස්වභාවය එයයි. මෙයින් මුලාවන්නේ අපිමයි නේද.....
ලංකාවේ විශාලතම සැතපෙන බුදු පිළිමය මෙය වේ ....
ලංකාවේ විශාලතම සමාධි පිළිමය මෙය වේ....
ලංකාවේ උසම හිටිපිළිමය මෙය වේ....
මේ නමින් විවිධ අර්ථකතනයන් දෙමින් තමන් වැඩ වසන පංසල වැඩි දියුණු කර ගැනීමේ පරම චේතනාවෙන් බුදු පිළිම නිර්මාණය කර තිබේ. එක් අතකින් මෙය හොද දෙයක් වන අතර බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව නිවැරදි දැයි නිගමනය කල නොහැක. ලොකු වුවත් පොඩි වුවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය එකහා සමානව හැම දෙනාටම දේශනා කර ඇත. එකම දේහ ලක්ෂණයන්ගෙන් යුත් බුදුරජාණන් වහන්සේ වර්තමානයේ මෙසේ වර්ග කරන්නේ ඇයිදැයි මටනම් නොවැටහේ. සමහර වෙලාවට ගමේ පංසලේ තිබෙන පොඩි බුදුපිළිමය දකිනවාට වඩා අල්ලපු නගරයේ පංසලේ ඇති විශාලතම බුදු පිළිමය බැලිමට බෞද්ධයන් වන අපි පෙළබෙන්නෙමු.ස්වභාවය එයයි. මෙයින් මුලාවන්නේ අපිමයි නේද.....
Saturday, 11 April 2009
ආවා සිංහල අලුත් අවුරුදු

එරබදු මල් රතට පිපී ඈත දිලෙනවා
කොහාගෙ හඩ ඒ අතරින් විහිදී යනවා
පුංචි සිතට සතුට දැනී ළමයි නටනවා
නැවුම් බවින් පරිසරයම එකලු කරනවා
ඔංචිලි චිලි චිල්ල මලේ ඔන් චිල්ලා වේ
ඔංචිලි වාරම් කියමින් සතුටු උනා වේ
රබන් පදේ තාලයටම නටන රගාවේ
වැඩිහිටි සැමදෙන අද දින සතුටු උනාවේ
මුං අලුවා කැවුම් කොකිස් සුවද හමනවා
ගේ දොර පිරිසිදු කරගෙන සැවොම සිටිනවා
අලුත් ඇදුම් ඇද ගන්නට සිත නලියනවා
නෑගම් ගොස් පරණ තරහ නිවා ගන්නවා
අපි සතුටින් සැමරූවත් අද අවුරුද්ද
උතුරේ ඇත යුධ පිටියේ කරමින් යුද්ද
ඒ අය සිටිනා හින්දයි නොමබිය වැ ද්ද
සමරන්නට හැකි වුනෙ සිංහල අවුරුද්ද
රතිඤ්ඤ හඩ අසෙනා විට හදවත රිදවන්නේ
රණවිරු පවුලේ අයහට එය වද දෙන්නේ
සාමය පතුරා ලොවටම සතුට ගෙනෙන්නේ
යුද්ධය අහවර වු දා අවුරුදු කන්නේ
Friday, 20 March 2009
අහිංසකයි ඈ....
Sunday, 22 February 2009
පිය සෙනෙහසට කව් ගී ලියවුනා වැනී.
Saturday, 14 February 2009
කල වරද කිමද ඇය

නිමා වුනි එක් දිනෙක - පෙර කලදි කල පවට
බිත්ති හතරට මැදිව - දඩුවමක් විලස අද
ගෙවනුයේ දුව සමග - මව විසින් කල වරද
ගෙමිදුලේ වෙල් එළියෙ - ඔට්ටුවට දිවු කාලෙ
බලයි මග රිදෙන තෙක් - අහිංසක නෙත් ඈගෙ
පොත් මිටිය තුරුලු කර - පාසලට යන කාලෙ
උදාවේවිද යලිත් - සොදුරු සමනල් කාලෙ
වමගෙ දඩුවම් කාලෙ - අවසාන වෙන්න තව
සිව් වසරක්ම ඇත - සිටින්නට මැදිරියේ
ඇය සමග එකතුවී - සෝකදුලු කැට සමග
ගෙවාලනු මැන දියණි - එහි වරද ඔබෙ නොවේ...
Sunday, 18 January 2009
සිරිත් විරිත්

සිරිත් විරිත් යනු කල යුතු දේ හා නොකල යුතු දේයි. එක් එක් අවස්ථාවට ගැලපෙන අන්දමින් අප විසින් කලයුතු දේ හා නොකල යුතු දේ ගැන පැහැදිලි අවබෝධයක් ලබාගත යුතු වේ . එසේ නොවුන හොත් සමාජයෙන් නොයෙකුත් ගැටුම් හා ගැටලු වලට මුහුණ පෑමට අපට
සිදුවේ.
පසුගිය දිනක මම හිතවත් අයෙකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වුනෙමි. මනාල මහත්මිය හා මනාල මහත්මයා උගත් යුවලකි. මනාල මහත්මිය සමාජයෙන් තුරන් වී යන සිංහල සිරිත් විරිත් හොදට අදහන කෙනෙකි. ඇයගේ නොයෙකුත් ක්රියාවලින් එය අපට දැක ගන්නට ලැබුනි . ඇයගේ පියාත් හෙළ සිරිත් විරිත් අකුරට පිළිපදින ආගමට දහමට ලැදි වැදගත් ලෙස ජීවිතය ගෙනයන අයෙකි. ඔහුගේ අදහසට අනුව තම දියණියගේ විවාහ මංගල උත්සවය ඉතාමත් චාම් අන්දමින් එහෙත් චාරිත්රානුකූලව සිදුකිරීම එකම අධිෂ්ඨානය විය. ඒ අයුරින් සියඵ කටයුතු සිදුකර හෝම් කමින් නොහොත් දෙවෙනි දින මනාලයාගේ ගෙදරට කැදවාගෙන යාම සිදුවිය. එය උත්කර්ෂවත් අන්දමින් සිදුවිය. මනාල මහතාගේ මිතුරු පිරිස් ඔහුගේ පාර්ෂවයෙන් වැඩකටයුතු සිදුකර තිබුණි. ඒ අතරමග එම ගමෙහි සිදුකෙරෙන සිරිතක් වශයෙන් රැග් එක දීමට කටයුතු සූදානම් කර තිබුණි. මේ ගැන කලින් මනාල මහත්මියගේ පියාට කණවැටුණි. එය ඔහුට දරාගත නොහැකි තත්වයක් බවට පත්විය. දිවා ආහාරයවත් නොගෙන දුකසේ ඔහු හෝටලයේ දිවා කාලය ගත කලේ මේ ගැන කල්පනා කරමිනි. ඔහුගේ සිත වෙනස් කිරීමට කිසිවෙකුට නොහැකි විය. මගේ දරුවා අවුරුදු 30ක් වනතෙක් කාගෙන්වත් කරදරයක් නැතිව හොදින් පතිණියක් වනතෙක් බලාගතිමි. තව මොහොතකින් මනාල පාර්ශවයට ඇය බාරදීම පමණක් සිදුකිරීමට ඔහුගේ අරමුණ විය. රැග් එකෙන් තම දරුවා බේරා ගැනීමට ගත හැකි පියවර ගැන ඔහු තනි වම කල්පනා කලේය. කිසිවෙකුට තම සිතෙගියාවන් හෙළි නොකලේය. මනාල මහතාගේ නිවසට ආසන්න වන විටම රතිඤ්ඤා වැලක් පත්තු කරන හඩන ඇසුනි. ඒ සමගම බෙර ගසන හඩත් ඇසුනි. සියඵ දෙනාම වාහනයෙන් බැස පෙරමගට බැස ගත්තේය. සිදුවෙන්නට ගොස් ඇත්තේ භයානක තත්වයකි. අප ගිය වාහනවලට තව මොහොතකින් හානි සිදුවන්නට ඉඩ තිබුණි. මනාල මහත්මියගේ පියා තම දියණිය රැග් එකෙන් බේරා ගැනීම පිණිස බුලත් අතක් දී කරුණාකර අපේ දියණිය මනාල මහතාගේ නිවසට බාරදෙන තෙක් මේ කටයුතු සිදුනොකරන මෙන් ආයාචනය කර සිටියේය. එහෙත් එය පිළිනොගත් එම තරුණ පිරිස පරුෂ වචනයෙන් බැන වදිමින් මත්පැන් කේස් එකක්ම බිමට හෙලීය. මේ ක්රියාව දුටු මනාල මහත්මියගේ පැත්තේ තරුණයෙක් සණ්ඩුවකට පැටලෙන්නට ගොස් යන්තම් බේරා ගත්තේය.සතුටින් දින දෙකක්ම මගුල් කෑ පිරිස එම මොහොතේ සිදු වු කම්පනය හේතුවෙන් ඉතාමත් කණගාටුවෙන් අවසාන රංගනය නොහොත් මනාල මහත්මිය මනාල මහතාගේ පාර්ශවයට භාරදී දෑවැද්දට ගෙනගිය බඩු බාහිරාදියත් භාරදි ආපසු පැමිණියේය. මේ හේතුවෙන් මනාල මහතාගේ යහලුවන් ඔහුත් සමග අමනාපව වාහනවල නැගී ගේ ලගින් කෑගසමින් ගමන් කලේය. මනාල මහත්මිය ඉතාමත් දුකින් මේ ගැන කල්පනා කරමින් සිටියාය. ඇයට සතුටු වීමට තිබු අවස්ථාව මේ කරුණ නිසා මගහැරී ගියේය.
අප නොසිතුවාට පවුල් දිවිය කඩාකප්පල් වීමට පවා මෙවැනි කරුනු බලපාන අවස්ථා තිබේ. මේ නිසා යමක් කරන විට ඉතාමත් දුරදිග බලා කල යුතු වේ.මම මේවැනි ලොකු විස්තරයක් ලියුවේ අපිත් සමහර වෙලාවට විනෝදය පතා තැන නොතැන බලා නොයෙක් ක්රියාවන් සිදුකරනව. වැඩිහිටියන් සමග යම් කටයුත්තක් කිරීමේදී ඉතාමත් ප්රවේශමෙන් ක්රියා කලයුතු බව අපි වටහා ගත යුතුවේ. සිරිත් විරිත් ගරු කරන ඉහමුදුනින් පිළිපදින අයත් සමග වැඩ කිරිමේදී ඔවුන්ට මුලිකත්වය දී ක්රියා කිරීමට සිදුවේ. නමුත් මෙවන් දියුණු කාලයක අපට තරුණ පිරිසගේ විනෝදය පතා කරන ක්රියාවන්ටත් අවස්ථාව දීම සිදුවේ. සිරිත් විරිත් තෝරා බේරා ගෙන එක් එක් ස්ථානයන්ට ගැලපෙන අයුරින් ක්රියා කිරිම වඩාත් උචිත බව මට හැගේ.
Subscribe to:
Posts (Atom)