Sunday, 30 November 2008

උගතුන් සියරට හැරයාම

ලංකාවට විදේශ විනිමය ලබාදෙමින් තම ආර්ථිකය වඩ‍වා ගැනීම පිණිස පිටරට රැකියාවන් සදහා යන දිරිය කතුන් මෙන්ම පුරුෂ පක්ෂයද සිටිති. මෙරටට වැඩිම විදේශ විනිමයක් ලබාදෙන්නේ මොවුන් විසිනි.

එමෙන්ම අපේ රටේ දුප්පත් ජනතාවගේ දාඩිය බිදු වගුරමින් සපයන මුදල් වලින් අකුරු කර උසස් අධ්‍යාපනය හදාරා සමත්වන අපේ රටේ දරුවෝ සියරටේ රැදෙන්නේ ටික කාලයක් පමණි. විශේෂයෙන් විද්‍යා අංශය හා ඉංජිනේරු අංශවලින් ශිල්ප හදාරා බුද්ධිමතුන් ඇමරිකාව, එංගලන්තය , ඕස්ටේලියාව , කැනඩාව වැනි දියුණු රටවලට සංකමණය විම වර්තමානයේ දක්නට ලැබෙන සුලභ දසුනකි.

සියරට මුදලින් ඉගෙනගෙන එහි පතිපල අහිංසක ජනතාවට නොලැබීම අභාග්‍යයකි. එය අපේ අවාසනාවකි. සමහර දෙමාපියන් තම දරුවන් පිටරට සේවය කිරීම පිළිබද උදම් අනති . අපේ රටේ දුෂ්කර පදේශයක සේවය කිරීම ගැන කීම පවා අවමානයක් සේ සලකති. මේ හෙයින් ‍බොහෝ පිරිස් සියරට අතැර ගොස් පිටරට රැකියාවක් කිරීමට පෙළ‍‍ඹේ. මොවුන්ගේ උගත් කමට සරිලන වැටුපක් නොලැබීයාම නිසාත් , ඔවුන්ගේ සේවය අගය නොකිරිමත් රට හැරයාමට සැලකිය හැකියි.

මේ හෙයින් අපේ බුද්ධිමය දේපලක් වන රටට අවශ්‍ය උගතුන් සියරට හැරයාම වලක්වා ගැනීමට යමිකිසි පියවරක් ගත යුතුවේ.

5 comments:

කීර්ති said...

හම්.... කතාව නං ඇත්ත. ඒත් ඔකට කොරන්නෙ මොකක්ද කියන එකයි ප්‍රශ්නෙ..

Danishka said...

ලංකාවේ වැදගත් වන්නේ දේශපාලකයින්ට කඩේ යාම මිස උගත්කම නොවේ.

ලංගම බස්රත වල උපාධිධාරින් 300ක් පමණ සේවය කරන බව අමාත්‍යතුමාම සඳහන් කර තිබුනා. එත් ඇමති තුමාගේ පොස්ටර් ගැහුවනම් එහෙම වෙන්නේ නැ ඒ අයට.

රැකියාව ලැබුනත් ඉන්පසු ලොක්කගේ පස්සෙන් යන්න ඔනා...

Anonymous said...

හුඟක් අය අකමැතියි දේශපාලකයින්ට කඩේ යන්න. උපාධියකුත් අරන් රස්සාව ගන්න සමහර විට 8 වත් සමත් නූන දේශපාලකයෙක් පස්සෙ යන්න කවුද කැමති වෙන්නෙ.තමුන් ඉගෙන ගත්තු දෙයින් රටට වැඩක් කරන්න බැරිනම් තමන්ට හරි වැඩක් තියෙන්න ඕනෑ නිසා රට යනවා.උගතුන් ලංකාවේ ඉන්න එකත් දේශපාලකයින්ට කරදරයක්නෙ. ඒක නිසා යන එක නවත්තන්න උත්සාහ කරන්නෙ නෑ.

malee_msg said...

පියවර ගන්න ඕනි අපි නෙවෙයි.. මේ රට කරවන ඇත්තෝ! ඩනිෂ්ක හා චරිත කිව්ව දේට වඩා වෙන දෙයක් මට කියන්න නෑ.. ඒ වගේම රටෙන් යන අය ගැන මම වැරදි කියන්නේත් නෑ

Narada said...

මේකයි අක්කේ, මමත් අපේ අම්මාලා එක්කලා වෙන රටක ආපු මල්ලී කේනේක් වෙමි. මටත් හිතේන්නෙත් ඔහොම තමා.ඇත්තටම කිව්වෝත් මටත් මාව එපා වෙන්න ගත්තේ මෙහේ ආවාට පස්සේයි...