ගිරවියක සේ නිබද - තොරතෝංචිය නැතුව
කියු ඒ වදන් වැල් - අපගෙ සිත් සැනසුවා
මුවපුරා නැගුන ඒ - සොදුරු වූ සිනාවන්
දෝංකාරය නගයි - පාලු බව දුරලමින්
එහෙත් ඒ සොදුරු ලොව - කඩා බිද දැමුව දා
හඩා වැටුනා මහද - දරාගෙන වේදනා
රෝහලේ ඇදේ සිට - වේදනා ඉවසගෙන
සිටි අයුරු දැක තවත් - හද පලා යනු දැණින
තනිව නම් කිසි දිනක - වෙන් නොයනු මැන දුවේ
මගේ ආයුත් රැගෙන - ජීවිතය ගනු දුවේ
නිබදවම පැතුව ඒ - අහිංසක පැතුම් පොදි
ඉටුකරල දුන්න ඔබ - රත්තරං මගෙ දුවේ...
Saturday, 5 December 2009
Subscribe to:
Posts (Atom)