Sunday, 21 December 2008

බලා සිටිමි පෙරමග...


කුපිත වු උදම් රළ රැගෙන ගිය මගේ මව
එනතුරා සිටින්නෙමි වෙරළ අසලට වෙලා
නෙත් පෙනන මානයේ නොපෙනුනත් ඇගේ රුව
රිදෙන තුරු දෙනෙත් මගෙ සිටින්නෙමි නෙත් අයා.............

Wednesday, 17 December 2008

සිත හඩන තරම් ....

දගකාර කමට ඔබ.....
කල වරද පිළි නොගෙන
වැරදි කල නිසාවෙන්
තැලුවෙමි කෝටුවෙන්...

පුංචි සිත රිදවිලා
හඩාවැටෙමින් එසද
රෝස කම්මුල් දිගේ
බේරුනා කදුලු බිදු.............

සිතට ආ වේගයන්
පාලනය කිරීමට
අපොහොසත් වු මසිත
සලිත විය මොහොතකට............

පහර දුන්නත් මෙ‍සේ
යහමගට ගන්න ඔබ
දඩුවමක් දුන් නමුත්
සමාදෙනු පුතණුවනි ....

Saturday, 13 December 2008

අපට උරුම ඉතිහාසය

අතීතයෙ උපන් අප රටෙ හෙළ දරුවෝ
රට දැය කෙරෙහි ජාතික ඇල්ලමක් දැරුවෝ
අහස උසට දිස්වන වෙහෙරද තැනුවෝ
යෝධ ශක්තියෙන් ගල් කණු සිට වුවෝ

Sunday, 7 December 2008

නිදි මතද මගෙ දුවේ.......


ශිල්ප ඉගෙනුම පිණිස විදු පියස වෙතට යන
එයින් නික් මුන විගස උපකාර පංති යන
අදුර සමගින්ම ඔබ නිවෙස වෙත පිය නගන
දුවේ මගෙ සිත පෙළයි නුඹ දරන වෙහෙස දැන

දෙමාපිය ඇසුරෙනුත් ඈත්වී සිටින විට‍
සිතට වදයක් වේද තනියෙන්ම සිටින විට
සැනසුමක් සහනයක් සොයා පියනගන ‍විට
සිත චකිතයෙන් පෙලයි අනතුරක් වෙයි එවිට

හදාරා ශිල්ප අද දුක් කදුලු මැද දුවේ
හොද තැනට යන පාර කියාදෙමි හැම වෙලේ
වල්මත් නොවි ඔබ කිසි විටෙක හෙට දිනේ
නින්ද පලවා හැරල අහරින්න මගෙ දුවේ............

Friday, 5 December 2008

සුන්දර දසුන......

සුන්දරයි නෙත් පිනයි..... දසුන දුටු විට ඈත
සිත බියෙන් දැවී යයි දසුන දුටුවිට මෑත
නිහඩමුත් දිය පහර සැඩ පරුෂ වෙයි විටෙක
කල්පනාවෙන් යුතුව නිවාගමු ‍ගත වෙහෙස....