Sunday, 12 June 2011

සිතුවිල්ල...............


සිතට නැගෙනා නොයෙක් සිතුවිලි
ගගක් සේ ඔහෙ ගලා යන විට
තෙළිතුඩින් නෙක සහය දුන්නා
තව තවත් එය ඔප කරන්නට

දුකක් හෝ සතුටක් දැනුන තැන
කියා ගන්නට නොහැකි වූ විට
සහය දුන්නේ තෙළිතුඩයි මට
කවක් ලෙස එය නිම කරන්නට

පලිගන්න හෝ රිදවන්න සිත්
කිසිම විටකදි නොවී අවියක්
දයාබර ලෙස ගොතා කවියක්
සිතුවිල්ලකට දුනි නිමාවක්.